
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
වයස අවුරුදු විසි හයට වැඩි අවිවාහක මවුපියන් මියගිය දරුවන් වෙනුවෙන්ද අනත් දරු විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වාදීම කෙරෙහි අවධානය යොමුව ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබයරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
මෙතෙක් අනත් දරු විශ්‍රාම වැටුප හිමිවූයේ අවුරුදු විසි හයට අඩු මවුපියන් අහිමි දරුවන් වෙනුවෙනි. අමාත්‍යවරයා මෙසේ පැවසුවේ මන්ත්‍රී සේනානායක්කාර මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක අනවශ්‍ය වැඩක් නොවේද? විසිහය වැඩි ආබාධිත දරුවන්ට ලෙස වෙනස්විය යුතු නේද? වීසිහයක් වෙනකොට තමන්ට ආර්ථික ස්ථාවරත්වය සකස් කර ගත යුතුයි.
මරි මෝල් ආණ්ඩුව බදු සල්ලි ටික පුච්චලා විනාස කරනවා. අතපය හතර හොඳට තියෙනවා නම් මේ රටේ ඕන තරම් රස්සා තියෙනවා, කම්මැලි තක්කඩින්ට නිකම් සල්ලි දෙන්නේ ඇයි ? වෘත්තීය පුහුණු ආයතන තියෙනවා නොමිලයේ ඉතා වටිනා පුහුණුවක් ගන්න පුළුවන්. එහෙම නැතිව මහන්සි වෙලා වැඩක් කරන්න බැරි හොරුන්ට සල්ලි දෙන්න එපා...
මාලිමාවට කඩේ ගිය කෙනෙක් මම. ඒත් දැන් රජයේ මේ වගේ මෝඩ වැඩ වෙනවා. තව විය යුතු දේවල් වෙන්නේ නෑ. මහින්ද උපදේශකයෝ 50 පත්කරගෙන සල්ලි නාස්ති කළත් ඔවුන් සමහර දුරුවල තැන් සහ ලකුණු වැටෙන තැන් පෙන්වලා දුන්නා.
ඔව් විසි හයට වැඩි අයට ගෙවිය යුතු නැහැ. මෙහෙම වුනොත් ඔවුන් මව්පියන්ගෙන්ම යැපෙන්න බලා ඉදියි. 26ට වැඩි අබාධිත දරුවන්ට ගෙවීම සාධාරණයි...