(ශ්‍රීනාත් ප්‍රසන් ජයසූරිය)
අවුරුදු අටක පුතාට කෘර ලෙස වධ හිංසා කළ බව කියන පියකු අත් අඩංගුවට ගත් බව පොල්පිතිගම පොලිසිය කියයි.
වදහිංසා පත් වූ බව කියන දරුවා වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇත.
සැකකාර 30 හැවිරිදි පියාගේ බිරිය (දරුවාගේ මව) බාල දරුවා ද රැගෙන මොවුන් අතහැර දමා ගොස් ඇති බව ද පොලිසිය කියයි.
පියා විසින් අට හැවිරිදි පුතාට යකඩ මිටියකින්, මේසන් හැන්දකින් පහරදි සපා කෑ බව එම දරුවා පොලිසිය කියා ඇත.
ජාතික ළමාරක්ෂක අධිකාරියට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිමිදිරි පාන්දර සිසිර සේනාරත්න මහත්මයාගේ "මාගේ පුතුට මල් යහන සදන්නේ" ඒ හැගුම් බර ගීතය මතකයට නැගෙනවා...!!!
අන්තිමට මේ තාත්තලා වයසට යනකොට පාරේ තමයි ඉන්න වෙන්නේ...