යැන්ගොන්හිදීය (රොයිටර්)
මියන්මාරයේ රොහින්ජා ජනතාවට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩත්වය වෙනුවෙන් හඬ නොනැගීම හේතුවෙන් අවුන් සාන් සූකිට දුන් සම්මානය අවලංගු කරන බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය නිවේදනය කළේය.
මියන්මාරයේ පැවැති පීඩාකාරී හමුදා ජුන්ටාවට එරෙහිව සටන් වැදීම හේතුවෙන් නිවාස අඩස්සියට පත්වූ අවුන් සාන් සූකිට හෘදය සාක්ෂියේ සම්මානය ලබාදීමට ජාත්‍යන්තර ක්ෂාම සංවිධානය 2009 වසරේදී පියවර ගත්තේය. ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය අවුන් සාන් සූකී ඔවුන්ගේ හෘද සාක්ෂියේ තානාපතිය ලෙස ද නම් කළේය.
හෘදය සාක්ෂියේ සම්මානය යනු ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් වෙනුවෙන් සටන් වදින්නන් වෙනුවෙන් ලබාදෙන ඉහළම සම්මානයයි.
මියන්මාරයේ සුළුතර මුස්ලිම් ජන කොටසක් වන රොහින්ජා වැසියන් ඉලක්ක කරගනිමින් ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවන බව ජාත්‍යන්තරය චෝදනා කරයි. මියන්මාරයේ හමුදාවට එම චෝදනා එල්ල වී තිබේ.
එම ජනතාවට අයිතිවාසිකම් වෙනුවෙන් කිසිදු හඬක් නොනැගූ බවට අවුන් සාන් සූකීට චෝදනා එල්ල වී තිබෙන අතර මීට පෙර ද ඇයට ජාත්‍යන්තරයෙන් ලැබුණු ගෞරව නාම, සම්මාන කිහිපයක්ම අවලංගු- කිරීමට අදාළ පාර්ශව කටයුතු කළහ.
රොහින්ජා වැසියන්ගෙන් සැඳුම්ලත් කැරැලිකාර කණ්ඩායම් මියන්මාර හමුදාවට ප්‍රහාර එල්ල කරන්නේ යැයි හමුදාව චෝදනා කරන අතර ඊට ප්‍රතිචාර දැක්වීමක් ලෙස හමුදා පසුගිය වසරේ අගෝස්තු මාසයේදී රොහින්ජා වැසියන්ට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළේය. රොහින්ජා වැසියන් බොහෝ පිරිසක් ඝාතනයට ලක්වූ බව පැවැසුණු අතර 700,000කට ආසන්න පිරිසක් බංග්ලාදේශ දේශසීමාව වෙත පලාගියහ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බලයලත් විමර්ශකයෝ මෙම සිදුවීම් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ අතර මියන්මාර හමුදාව ඝාතන සිදු කර ඇති බවත් මියන්මාර හමුදාව ‘ජනඝාතක අරමුණකින්’ කටයුතු කර ඇති බවටත් චෝදනා කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුන්සාන් සුකී බුදුදහම අතඇරල වෙනත්ම් ආගමකට ගියා නම් ඕවා නැතිවෙන්නෙ නෑ. බුදුදහම අදහන නිසයි ඔක්කොම ප්‍රශ්න. මෑන්ඩෙලා වගේ ක්‍රිස්තියානි නමකුත් දාගත්තනම් ඔන්න වීරයො. අනික මුසල්මානුවො අමුඅමුවෙ බෞද්දයන්ව මරද්දි එක්සත් ජාතින්ගේ සංවිධායත් නෑ. කෑගහන කවුරුත් නෑ. ලංකාවටත් වෑල නොකෑඩී රෝහින්යා කාරයන් ගෙන්වන ජාවාරමක් තියෙනව කියල අපේ රටෙ මිනිස්සු දන්නෙ නෑ තාම.
අපේ එක්කෙනෙකුටත් නෝබල් සම්මානය අනු නමයෙන් ගහල ගියේ...
මෙයා නේද අපේ රටේ සිදුවෙන සමහර ප්රජාතන්ත්රවිරෝධී සිදුවීම් සාධාරනීකරණය කරපු කෙනා?
හොඳ තීරණයක්... නමුත් මේක කරන්න තිබ්බේ හුඟක් කාලෙකට ඉස්සෙල්ලා..
ජාත්‍යන්තරයේ හෘදසාක්ෂියට පෙර ඔබේත්, ඔබේ ජනතාවගේත්, ඔබේ රටේත් හෘදසාක්ෂිය වැදගත් කොට සැලකූ ඔබට සදා ජය..., මේ ඔබ වැන්නන් ලෝකයට අවැසි කාලයයි.
සම්මාන නොව... රට ගැන හිතන නායිකාවක්. ශ්‍රේෂ්ඨයි.