(මනෝප්‍රිය ගුණසේකර)
ශ්‍රී ලංකා අවට මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යෑම සඳහා රුපියල් කෝටි තුනහමාරකට අධික අල්ලසක් ලබාදුන් බවට හා ලබාගත් බවට චෝදනා ලැබ සිට අවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සහ විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් අද නිදහස් කළේය.
විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් පවරා තිබූ නඩුවේ අධිචෝදනා පත්‍ර අල්ලස් කොමිසම විසින්ම ඉල්ලා අස්කර ගැනීම හේතුවෙන් විත්තිකරුවන් නිදහස් කිරීමට විනිසුරුවරයා නියම කළේය. විත්තිකරුවන්ට එරෙහි අධිචෝදනා පත්‍රය අල්ලස් කොමසාරිස්වරුන් තිදෙනාම අත්සන් කොට නොමැති හෙයින් යළි නඩු පැවරීමේ අයිතිය තබා ගනිමින් චෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීමට අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්‍යක්ෂක නීතිඥ තුෂාරි ජයරත්න මහත්මිය කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා අදාළ චෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීමට අවසර දුන්නේය.
ශ්‍රී ලංකාව අවට මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යෑම සඳහා යාම සඳහා රුපියල් ලක්ෂ 355 ක අල්ලසක් දුන් බවට අවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට එරෙහිවද එම අල්ලස් මුදල් ලබාගත් බවට එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක වරයෙකු වශයෙන් කටයුතු කළ විශ්‍රාමික මේජර් ජනරාල් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතාට ද එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩු පවරා තිබිණි.
මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේ දී විත්තිකරුවන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරුන් මූලික විරෝධතාවක් මතුකරමින් තම සේවාදායකයන්ට එරෙහි චෝදනා පත්‍රයට අල්ලස් කොමිසමේ කොමසාරිස්වරු තිදෙනාම අත්සන් කොට නොමැති හෙයින් මෙම චෝදනා පත්‍රය වලංගු චෝදනා පත්‍රයක් නොවන බවට තර්කයක් ඉදිරිපත් කළේය.
ඒ අනුව මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට නොහැකි බවට විරෝධතාවයක් මතු කල නීතිඥවරු තම සේවාදායකයන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ආණ්ඩුව ආපුගමන් අපි මේ නඩු නැවත උසාවි කැඳවලා මේ සියලු දෙනාම අත්අඩංගුවට ගන්නවා. අනිවාර්යයෙන්ම...!!!
අල්ලස් කොමිසම හැමදාම කියන්නේ..., කොමසාරිස් 3 අත්සන් කරලා නැති හින්දා නඩුව අයින් කරනවා කියලා බලලද අල්ලස් කොමිසමේ ඉන්නේ...? හැමදාම මේකමනේ කියන්නේ... නඩු අයින් කරන කොට අපිටද පිස්සු? නැතිනම් මේ කොමිසමේ ඉන්න අයටද? නඩු දානකොට 3 දෙනාට අත්සන් කරන්න බැරිද? නැතිනම් දෙන්නේ නැද්ද? අල්ලස් කොමිසමේ ඉන්න කොමසාරිස් 03 දෙනා නිදිද නඩු දානකොට?
ලංකාවේ අධිකරණ පද්ධතියම විහිළුවට ලක්කරන වැඩ මේවා...
හැබෑට? මුළු රටම හිතුවේ මේ ගොල්ලන් ගස් යයි කියලයි..
අනේ මෙහෙමත් කෝලම්...!!!
‘‘සසර වසන තුරු‘‘ සින්දුව කියන්නමයි හිතෙන්නේ...
අපි නම් කම්බස් තමයි දැන්...
නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ...!!! මට පෙනෙන්නේ අල්ලස් කුක්කොත් ජරාව කාලා. (අ) ධර්මද්වීපයේ, මිථ්‍යාදෘෂ්ටික මැදමුලන පවුලේ කෙනෙක් ජනාධිපති වෙලා.. රට විනාශ කරමින්, අධර්මයෙන් රට චීනාට විකුණමින් සිටින යුගයක, ඒ අතිජාත අධර්මිෂ්ට මිත්‍රයා කූඩුවට යනහැටි බලාගෙන ඉන්න බැරිවෙන්න ඇති. ගාණටම වරද ආණ්ඩුවේ පිට පටවා මිත්‍රයාව බේරගන්න ට්‍රයි එකක් දෙන්න ඇති.. හැබැයි මේවා වමාරන්න වෙනවා දවසක.. පොලියත් එක්ක. වැල්පොලියත් එක්ක...!!!
අපේ සර්ගේ යාලු හිතමිතුරන්ගේ නඩුවලට නම් මල්ල කරේ තමයි. ඔක්කොම අය නිදහසේ ගෙදර... රංජන් කියපු දේවල් හරිනේ...
තව ඉතුරුවෙලා තියෙන නඩු ටිකත් ඉක්මණට ඉවර කරගත්තොත් හොඳයි...
හොඳ වෙලාවට වෙන රටක ඉන්නේ...!!!