(ඩයනා උදයංගනී)
අල්ලස හා දූෂණය තුරන් කිරීමේ පස් අවුරුදු සැලැස්ම එළිදැක්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී දී අද (18) සිදුකෙරිණි.
අල්ලස දූෂණය වපුරන රාජ්‍ය හා පෞද්ගලික අංශ නිලධාරීන්, දේශපාලනඥයන් ඇතුළු සියලු දෙනා නීතියේ රැහැනට කොටු කරගැනීමත්, වංචාව දූෂණය තුරන් කරමින් ආර්ථික, සමාජයීය, සංස්කෘතික හා පාරිසරික වශයෙන් තිරසර සංවර්ධනයක් උදා කරගැනීමේ අරමුණින් මෙම ක්‍රියාකාරී සැලැස්ම සකස් කර තිබේ
අල්ලස, දූෂණය, වත්කම්, බැරකම්, දඬුවම් සහ අල්ලස් පනතේ එන දුර්වල නීති රීති ඇතුළු දෑ කැබිනට් මණ්ඩල අනුමැතිය ඇතිව සංශෝධනය කර මෙම නව පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්ම සකස් කර ඇත.
විපක්ෂනායක මහින්ද රාජපක්ෂ, කතානායක කරු ජයසූරිය, නීතිපති ජයන්ත ජයසූරිය, අල්ලස් හා දූෂණ කොමිසමේ අධ්යක්ෂ ජනරාල් සරත් ජයමාන්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූප - චතුර එස්. කොඩිකාර




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය සමයේ නඩු පවරපු ඒවා මේකට අයිති නැද්ද දන්නේ නැහැ . තව විදේශ රට වලින් ලැබුණු ආදාර මුදල් වලට වෙච්ච දේවල් ගැන ඇතුලත්ද කියල තවම දන්නෙත් නැහැ .
නරින්ට කුකුල්කොටු බාර දීපු රටක හොරුන්ගේ අම්මලාගෙන් පේන අහනවා.
අවංකව සදහන් කරනවා නම් " මේ ගොයියෝ 225 ටම " මේ ගැන කතකිරිමටවත් අයිතියක් තිබේද ??? පළමු දුෂණය - මේ 225 ම තමන්ගේ රටේ පුරවැසියන්ගෙන් ලැබෙන බදු මුදල් වලින් සිය පවුල් පිටින් සියලුම සැපසම්පත් සහිතව යැපෙන අතර පුරවැසියන් වෙනුවෙන් තමන් ලබාගන්නා සැපසම්පත් වෙනුවෙන් කල සේවය කුමක් ??? එබැවින් මෙම ගවයන් 225 ට තවතවත් මීපැණි සමග පිදුරු නොමිලේ ගිලීමට දෙනවාද ?? නැත්නම් ගවපට්ටියෙන් පන්නා දමනවාද ලග තිබෙන කැලයට ????
මම කියන්නේ මේවා ගේන උදවිය ඉස්සරවෙලා තමන්ගේ සහ තම ලගම ඥාතීන්ගේ (ඒ කියන්නේ දුවලා, බැනලා, පුතාලා, ඊළගට පුතාගේ වෙන්ඩ ඥාතීන්ගේ) වත්කම් පෙන්නලා ඉන්න ඕනේ - බණ කියා කියා දුම් මැස්ස අතගාන උදවියට ඡන්දෙ දුන්නේ ඉස්සර
වැඩක් නැ කියල . හොරු ඉන්නේ සභාවේ. උන්ම දූෂණය නැති කරන හැටි ගෙන කතා අහගෙන ඉන්නවා. අපිට පිස්සු හැදෙනවා මේවා දැකල
අස්සයා සැහෙන දුර ගිහිල්ලා දැන්වත් ස්ථාලයේ දොර වහපල්ලා.
1.ජනපති ගේ ලගම නිලධාරීන් 2 අල්ලස් නඩුව ඉවරද? 2. ජනපති, හිටපු අල්ලස් කොමසාරිස් නෝනාට බැන අස් කලේ ඇයි?
අල්ලස සහ දුෂණය විතරක් නෙවේ භීෂණයත් රජ කෙරුවා කියල චෝදනා කරපු කෙනා ළඟ තියාගෙන මේ වගේ දෙයක් කරන්න හදන්නේ ඔලුව නරක වෙලා නිසාද? පස් අවුරුද්දකට පේන බලල වැඩක් නැහැ තව මාස 6 යි නේ ඉතුරුවෙලා තියෙන්නේ.
ඉස්සර කිව්වා" අලි බබා සහ හොරු 40 "ගැන. අද කියන්න තියෙන්නේ " සිරා මරා සහ හොරු 225 " ගැන අන්ප්ලග් හෙවත් ක්ලැසික් කතාවක්... ලැජ්ජයි මහත්වරුනේ.. මොවුන් මේ කතා කරන්නේ කොහෙන්ද...?
ළඟ ඉන්න මහරජු අධෝමුඛයෙන් හිනාවෙනවා ඇති. ඔබතුමාට අධෝමුඛයේ කටයි පැටලිලා කියලා...
මාර බඩු ටිකක්නේ එකතුවෙලා තියෙන්නේ... රටේ අල්ලස නැතිකරන්න. මේ විහිළුවලට කොයි පැත්තෙන් හිනාවෙන්නද තේරෙන්නෑ...
බමුණා නැහැ වගේ...
මේ මිනිස්සු දන්නවා ලංකාවේ ඉන්නේ තනිකරම මෝඩයෝ උන්ව තනිකරම අන්දන්න පුළුවන් කියලා. පුදුම නාඩගමක් නටන්නේ... 225 හවුලේ හොරාකනවා කාටවත් දඬුවම් නැහැ. අයිතිකාරයෝ නැති ගෙවල්, ගෙදරට ගෙනත් දාපු මැණික් මලු. ඇත්තටම මේක සුරංගනා කතාවක්. කාලකන්නි මොවුන් නියම කාලකන්නි... හැම එකාගෙම සල්ලි තියෙන්නේ වෙනත් රටවල... මොවුන්ට දඬුවම් නැහැ. කොන්ද පණ තියෙන නීතියේ අාධිපත්‍යයක් නැහැ. කොන්ද පණ තියෙන රාජ්‍ය සේවයක් නැහැ. මොවුන්ට සත්තුන්ගේ නම් කියන්න එපා... සත්තුන්ට කරන අගෞරවයක්..
ඉස්සරවෙලාම රේගුවෙන් පටන් ගත්තා නම් හුඟක් හොඳයි. පටන් ගන්න පෑලියගොඩ අංගනයෙන්.
උත්සවයේ බිල ගෙවන්න දූෂණය කෙරුවේ මහජනතාවගේ සල්ලි... මේවා අපේක්ෂකත්වය ගන්න දාන තුරුම්පු තවත් තුරුම්පු ඉතුරුවෙලා තියෙනවා.
බුල්ගාකොව් නමැති රුසියන් ලේකකයා මාස්ටර් සහ මාගරිටා පොතේ සිංහල පරිවර්තනය පසන් කොඩිකාර ලියලා තියනවා " යකුන්ගේ සාදය " පිලිබදව. අල්ලස් සහ දුෂණ රාජ යකුන්ගේ සාදයක්ද මේ .... ?
දැන් ටික දිනකට ඉස්සර වෙලා කීවා නේද මේවා සල්ලි වියදම් කරලා හෝටල් වල තියන්නේ නැ කියල. ශ්‍රැංග්‍රීලා කියන්නේ හෝටලයක් නෙවිද මන්දා.
මේවා අපිට විහිළු උනාට මේ ගැන ලොකුවට වර්ණනා කරලා පත්තර පිටු ගණන් පුරවන්න සූදානම් අය ඕන තරම් ඇති. වේදිකාවලත් කියයි අපි දැන් දුෂණය තුරන් කරන මහා වැඩ පිළිවෙලක් ඇරඹුවා කියල. අපේ මෝඩ මිනිස්සුත් කට ඇරගෙන ඉඳියි දුෂණය නැති වෙනකම්.
අල්ලස දූෂණය විධිමත්ව කරගෙන යාම වෙන්නැති. මේවා සාමාන්‍ය ජනතාවට පමණි ජනපති කාර්ය මණ්ඩල මැති ඇමති මන්ත්‍රී අදාල නොවේ
ඔය සැලැස්ම හරියට ක්‍රියාත්මක වුනොත් තපින්න වෙන්නේ මොවුන්ටම තමයි ..
මොන බොරුද මේ .. රජයේ මුදල් දුෂණය කරමින් මව්පිය සොහොන් ගෙවල් හදපු කෙනා එයාව අත්අඩංගුවට නොගනු කියා උසාවි නොයෝග අරගන්නවා .. මේ කරන ප්‍රෝඩා වලට කියන බේගල් වලට මොවුන් ඉපදෙන්නේ වවුලෝ වෙලා ..
තව ටික දවසකින් යහපාල අහයි මම ඔහොම වැඩසටහනකට ආවද කියා ?
හොඳම ආදර්ශයක් දීලා තියෙන්නේ, මෙම උත්සවය රාජ්‍ය ආයතනයක ශ්‍රවනාගාරයක ගන්නේ නැතුව ලක්ෂ ගණන් වියදම් කරලා ඉහලම පෙලේ හෝටලයක අරගෙන. එත්, බැඳුම්කර හොරු ගැන ඇඟිල්ලක්වත් හොලවන්න පුළුවං වුනාද? මොන විහිළුද මේවා?