
(නිමන්ති රණසිංහ)
කට්ටිකර විකුණූ වෙන්දේසි ඉඩමක සැලසුම අනුමත කරදීමට අල්ලස් වශයෙන් ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ 3ක් ඉල්ලා ඉන් රුපියල් 25,000ක මුදලක් ලබාගනිමින් සිටියදී මඩකලපුව කලුදාවේලි ප්‍රාදේශීය සභාවේ ආදායම් පරීක්ෂකවරයකු අද (05) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාවේ (විමර්ශන) අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක විතානගේ මහතා පැවසීය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මඩකලපුව ප්‍රදේශයේ පදිංචි කලුදාවේලි ප්‍රාදේශීය සභාවේ ආදායම් පරීක්ෂකවරයා ලෙස සේවය කළ අයෙකි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත පැමිණීල්ලක් ඉදිරිපත් කර ඇත්තේ මඩකලපුව ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු බව ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සදහන් කළේය.
මඩකලපුව ප්‍රදේශයේ පිහිටි කට්ටිකර විකුණා ඇති වෙන්දේසි ඉඩමක සැලසුම් අනුමත කර ගැනීම සදහා මෙම සැකකාර ආදායම් පරීක්ෂකවරයා රුපියල් ලක්ෂ තුනක මුදලක් ව්‍යාපාරිකයකුගෙන් ඉල්ලූ බවට පැමිණීල්ලක් ලද බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සදහන් කරයි.
මෙම ව්‍යාපාරිකයා අදාළ අල්ලස් මුදලින් රුපියල් 25,000ක මුදලක් මුලින් ලබා දී ඇති අතර දෙවැනි රුපියල් 25,000ක මුදල ලබා දීමේදී අද (05) මඩකලපුවේදී අල්ලස් හෝ විමර්ශන කොමිසමේ නිලධාරින්ගේ අත්අඩංගුවට පත්වූ බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා පැවසීය.
මෙම සැකකරු හෙට (06) මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොයලා බැලුවොත් මෙයාගේ ධනයේ විස්තර අර පැන්ඩෝරා අස්සේ ඇති.
වැඩේ නරකයි, ඒත් නැව් ගිලපු එවුන් දියවන්නාවෙ කිසිම කරදරයක් නැතිව සැප ගන්නව.
වැඩේ නියමයි මේක අපි සියලුදෙනාටම කරන්න පුලුවන්නම් හොඳයි . කට්ටි සැලසුමක් අනුමතකර ගන්න පියුන්ගේ සිට සභාපති දක්වා හැම එකාටම පගාව දෙන්න වෙනවා.