(මනෝප්‍රිය ගුණසේකර)
පළමු වසරට ළමයෙකු ඇතුළත් කරගැනීම සදහා රුපියල් ලක්ෂ එකහමාරක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී ඇඹිලිපිටිය ප්‍රදේශයේ විදුහල්පතිනියක අද (02) අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
අල්ලස් කොමිසමට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ වැටලීමකදී විදුහල්පතිනිය විදුහලේ ක්‍රීඩාපිටිය අසලදී අදාල අල්ලස් මුදල ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසමේ ප්‍රකාශකයකු පැවසීය.
අදාල දරුවාගේ වැඩිමහල් සහෝදරයා එම විදුහලේ ඉහළ පන්තියක අධ්‍යාපනය ලබන අතර දෙවැනි දරුවා 2021 වසරේදී විදිහලේ පළමු ශ්‍රේණියට ඇතුලත් කරගන්නා ලෙස අයදුම්කොට ඇති අතර එහිදී ඒ සඳහා ලක්ෂ එකහමාරක අල්ලසක් විදුහල්පතිනිය විසින් ඉල්ලා ඇතැයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.
ඒ අනුව අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් සිදුකරන ලද වැටලීමකදී අල්ලස් ලබා ගනිද්දී ඇය අත්අඩංගුවට ගත් බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පැන්ෂන් එකටත් කෙලවා ගත්තා නේද? ඒ විතරක්ද දරුවන්ගේ සැමියාගේ නම්බුව? මොවුන් හොඳයි හරක් බඳින කණු වලට.
අයියෝ ඕක සුලු දෙයක්. අපේ අම්බලන්ගොඩ පැත්තෙ නම් ඉන්නවා ඔය වගේ අල්ලස් ගන්න ගුරුවරුත්. ඒ ගොල්ලන් සමාජය අතරේ හරිම ප්‍රසිද්ධයි. කවුරුත් දන්නවා. කවුරුත් කථා කරනවා මේවා ගැන. අම්බලන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයේ පැමිණිලි ගොඩ ගහලා තියෙනවා. නම කිව්ව සැනින් පොඩි එකා පවා දන්නව. අල්ලස් කියන්නෙ මුදල් විතරක් නොවෙයි. ලිංගික අල්ලස් පවා ගන්න බව කවුරුත් දන්නවා.
අයියෝ ඕක මොකක්ද? අපේ අම්බලන්ගොඩ පැත්තේ නම් ඉන්නවා. ලක්ෂ ගණනින් මුදල් නොවෙයි, අල්ලස් පවා ගන්න බවට ඉතා ප්‍රසිද්ධ විදුහල්පතිවරයෙක් සහ මිනිහගේ ගෝලයෙක්. ඒක හරිම ප්‍රසිද්ධයි. නිතරම අඳින්නේ සුදම තමයි. ඒක පොඩි එවුන් පවා දන්නවා. නොදන්න කෙනෙක් නැහැ. වරක් දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ කියලා තිබුණු රුපියල් ලක්ෂ 5 සිට ලක්ෂ 10 දක්වා අල්ලස් ගන්න විදුහල්පතිවරු 120 ක් විතර දකුණේ ඉන්නවා කියලා. ඒ පත්තර කෑල්ල මා ළඟ තවම තියෙනවා. පන්ති 04කට අනුමැතිය අරං එක පන්තියක් 2 වසරෙ පටන් හොරට ගිනියනවා. ඒකේ ඉන්නවා ළමයි 50 ක් විතර. ඒ ඔක්කොම ගත්තේ අඩුම තරමින් එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 2 ක් වත් අරං. කෝ ඉතිං නීතිය. අම්බලන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයේ පැමිණිලි ගොඩගහලා තියෙනවා. දැන් තටමනවා නැවත ඉස්කෝලෙ පටන් ගන්න බැරුව. තමන් කරපු පව් මොනවද කියලා තම තමන් දන්නවා. මතක තියාගන්න ඕන තමන්ගේ දරුවන්ට කන්න දුන්නෙ ගින්දර බව. ධර්ම නීතිය කාටත් පොදුයි. දීපු දෙයක් මිසක ගොඩගසා ගත්ත දෙයක් අරං ගියේ නැහැ කවුරුවත්... දේශපාලකයින් සහ නිලධාරින් මේවා හංගනවා. අනිවාර්යයෙන්ම මේවා පලදෙනවා.
මොනවා කියනවද? මේකත් දේශපාලන පළිගැනීමක් කියලා පසුකාලෙක ඔප්පු කරලා පෙන්නාවි. ඕවා ඔක්කොම ජාත්‍යන්තර කුමන්ත්‍රණ...!!!