(නිමන්ති රණසිංහ)
නිල නොවන කොන්ත‍්‍රාත්කරුවකුගෙන් රුපියල් ලක්ෂ තුනක අල්ලස් මුදලක් ඉල්ලා ලබාගත් බව කියන අක්කරෙයිපත්තුව ආලයඩිවෙම්බු ප‍්‍රාදේශීය ලේකම්වරයා සහ සැලසුම් අධ්‍යක්ෂවරයා ලබන 10 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අක්කරෙයිපත්තුව මහේස්ත‍්‍රාත් එම්. එච්. එම්. හම්සා මහතා නියෝග කළේය.
අක්කරෙයිපත්තුව ප‍්‍රාදේශී ලේකම් බල ප‍්‍රදේශයේ පාරවල් තුනක් අලූත්වැඩියා කිරීම ස`දහා රුපියල් ලක්ෂ 60ක් වටිනා කමකින් යුත් කොන්ත‍්‍රාත්තුවක් වෙනුවෙන් සැකකරුවන් දෙදනා මෙම අල්ලස් මුදල ඉල්ලා ලබාගනිද්දි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණේ ඊයේ (28) සවස දීය.
අලූත්වැඩියා කළ යුතු පාරවල් තුන සදහා එක් කොන්ත‍්‍රාත්තුවක් වෙනුවෙන් රුපියල් ලක්ෂයක මුදලක් බැගින් රුපියල් ලක්ෂ තුනක මුදලක් ඉල්ලා ඇති මෙම සැකකරුවන් දෙදනා සම්බන්ධයෙන් කොමිසම වෙත පැමිණීල්ලක් ඉදිරිපත් කර තිබුණේ නිල නොවන කොන්ත‍්‍රාත්කරුවකු විසිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලුවන්ගේ ක්රම ඉගෙන ගෙන ඕව කරන්න එපාද හාමුදුරුවනේ? අනේ අපොයි ඉතින් ජොබ් කට්ටත් ඉවරයි. පවුලත් යන්න ගියොත්..., අනේ මන්දා?