IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


අල්ලස් ගත් කුරුණෑගල ආර්.ඩී.ඒ නිලධාරියට රිමාන්ඩ්

(කුරුණෑගල අධිකරණ වාර්තාකරු)

පොල්ගහවෙල කෑගල්ල මාර්ගයේ පොලිසගහවෙල නගරයට ආසන්න ප්‍රදේශයේ මාර්ග සංවර්ධන අධිකාරියට අයත් භූමියක පිහිටි අනවසර ඉදිකිරීමක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකිරීමට ව්‍යාපාරිකයකුගෙන් රුපියල් 120,000ක අල්ලස් මුදලක් ලබා ගත් කුරුණෑගල මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරියකු ලබන සැප්තැම්බර් මස පළමුවැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තැබීමට කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න මහතා අද නියෝග කළේය.

මෙලෙස රක්ෂිත භාරයට පත් කෙරුණේ  බී.එම්. ඉන්ද්‍රපද්ම දිසානායක නමැති කුරුණෑගල පිහිටි මාර්ග සංවර්ධන අධිකාරි වයඹ පළාත් ඉංජිනේරු කාර්යාලයේ ලිපිකරුවෙකි.

පොල්ගහවෙල නගරයට යාබද කෑගල්ල පාරේ ඉදිකර තිබෙන ගොඩනැගිල්ලක ඉදිරි කොටස මාර්ග සංවර්ධන අධිකාරියට අයත් කොටසක පිහිටි බැවින් එය ඉවත් කර ගන්නා ලෙස වසර දෙකකට පමණ පෙර සිට ව්‍යාපාරිකයකු වෙත දැනුම් දී තිබේ.

අදාළ ඉදිකිරීම ඉවත් කිරීම එකී ව්‍යාපාරිකයා පැහැර හැර තිබෙන අතර, මෑතක දී යළිත් එම සිද්ධිය කරළියට පැමිණ තිබෙන අතර, මාර්ග සංවර්ධන අධිකාරිය මගින් එයට නීතිමය පියවර ගන්නා බවට ද ව්‍යාපාරිකයා වෙත දැනුම් දී ඇත.

මෙම ගොඩනැගිල්ල බේරා ගැනීමට අදාළ ව්‍යාපාරිකයා බොහෝ උත්සාහ ගෙන ඇති අතර, එහි දී එම විෂය භාරව මින් පෙර කටයුතු කළ බව කියන අත්අඩංගුවට පත් ලිපිකරු සම්බන්ධ කර ගැනීමට ව්‍යාපාරිකයාට හැකි වී ඇති බව වාර්තා වෙයි.

පසුව දෙදෙනා අතර හිතවත්කමක් ගොඩ නැගී ඇති බවත්, එකී නිලධාරියා ගොඩනැල්ලට අදාළව සිදු කිරීමට නියමිත ඉදිරි නීතිමය කටයුතු නවතා දැමීමට නම් රුපියල් ලක්ෂ එක හමාරක මුදලක් ලබා දෙන ලෙස ව්‍යාපාරිකයාගෙන් ඉල්ලා ඇති බවත්, පරීක්ෂණවල දී හෙළිව තිබේ.

 



අදහස් (0)

අල්ලස් ගත් කුරුණෑගල ආර්.ඩී.ඒ නිලධාරියට රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 110 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2035 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site