IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


අලියාට ඇද්ද කම්බියට ගොවියාම අසු වෙයි

(නිහාල් ජයවීර)

වල් අලින්ගෙන්  මුං වගා බිමක් ආරක්ෂා කරගැනීම සඳහා අනවරස විදුලිය බලය  කම්බියක ගැටි මියගිය දෙදරු පියකු මියගොස් ඇතැයි ගල්ගමුව පොලිසිය කියයි .

මෙසේ මරණයට පත්ව ඇත්තේ ගල්ගමුව ,අලුත්හේහේරත්ගම , මොට්ටපෙත්තෑව පාර , ලිපිනයේ පදිංචිව සිටි බී .එම් . සේමසිංහ නමැති පනස් හය වැනි වියෙහි පසු වු දෙදරු පියා බව පොලිසිය පවසයි .

මේ ගොවි මහතා මොට්ටපෙත්තෑව කුඹුරු යායේ මුං වගාවක් සිදු කොට ඇති බවත් , වල් අලීන් ඇතුළු සතුන්ගෙන් වගා බිම රැක ගැනීමට ඒ වටා බයින්ඩීන් කම්බි ඇද ඊට විදුලිය බලය සම්බන්ධ කොට ඇති බවත් පරීක්ෂණවලදි අනාවරණය වු බව පොලිසිය පවසයි .විදුලිය බලය සපයාගෙන ඇත්තේ වගා බිමේ සිට මීටර් 75ක් පමණ දුරකින් වු පාළු නිවසකින් බවත් පොලිසිය කියයි .

ඔහුගේ බිරිඳ විදෙස් ගතව සිටින බව ද , ⁣උදේ කුඹුරට ගිය අය රාත්‍රීවන විටත් නොපැමිණීම නිසා ඒ සම්බන්ධයෙන් සොයා බලද්දී මුං වගා බිමේ තිබූ සිරුර ඥාතීන් සොයා ගෙන ඇති බව පොලිසිය කියයි .

 



අදහස් (2)

අලියාට ඇද්ද කම්බියට ගොවියාම අසු වෙයි

sam Tuesday, 07 September 2021 11:58 AM

තිරිසන් සතාව මරන්න හදපු කෙනාට කර්මය පඩිසන් දුන්නා...

:       1       3

kapila Wednesday, 08 September 2021 05:23 AM

මේ තමා ඈත ගම්වල ජීවත් වෙන දුප්පත් ගොවීන්ගේ ජීවන අරගලය සහ ඔවුන්ගේ අවාසනාවන්ත ඉරණම.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 574 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2270 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site