(පොලොන්නරුව ක.ග.කරුණාරත්න)
අරලගංවිල සඳගලතැන්න ප‍්‍රාථමික විද්‍යාලය ඉදිරිපිටදී තම දරුවා පාසලට කැඳවාගෙන එමින් සිටි මවකට වන අලියකු පහරදී ඇතැයි අරලගංවිල පොලීසිය කියයි.
එම සිද්ධියෙන් තුවාල ලැබූ කාන්තාව ප‍්‍රතිකාර සඳහා දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුත්කර ඇත.
කාන්තාව වන අලියාගේ ප‍්‍රහාරයට ලක්වන අවස්ථාවේ පාසලේ ගේට්ටුව අසල රැඳීසිටි දරුවන්ගේ මාපියන්ගේ කෑකෝ ගැසීම නිසා අලියා බියට පත්ව ඒ ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇති අතර ඒ හේතුවෙන් මවගේත් දරුවාගේත් ජීවිත බේරා ගැනීමට හැකි වූ බව පොලීසිය සිදුකල විමර්ශන වලදී අනාවරණයවී ඇත.
ඇය අරලගංවිල නිකවතලන්ද ප‍්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි කාන්තාවක බවද පොලීසිය සඳහන් කලේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේ අහිංසක ගම්මුන්ට පහර දෙන අලින්ට වෙඩි තැබීමට ඔතරම් මැලිවන්නේ? ඒ ගම්මුන්ගේ ජීවිත, නගරබද ජීවත්වන උදවියට වඩා වටින්නේ නැති නිසාද?