
(රෝෂන් තුෂාර)
හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංගි අනුෂ්කා විජේනායක ඇපකරුවන් දෙදෙනාට අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද නියෝග කළේය.
සිය සේවා දායකයින්ට අධිකරණයේ පෙනී සිටීමට නොහැකි වූයේ මවගේ අවමගුල් කටයුතු පැවතීම හේතුවෙන් බවට ජනාධිපති නීතිඥ නලින් ලද්දුවේහෙට්ටි මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව වරෙන්තුව ආපසු කැඳවීමට නියෝග කෙරිණි.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට 2013 වසරේදී යානා දහයකින් සමන්විත ගුවන් බලඇණියක් මිලදී ගැනීමේදී යුරෝපීය ගුවන් සමාගමකින් ඇමරිකන් ඩොලර් ලක්ෂ 20 මුදලක් ලබා ගැනීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාර මියගිය කපිල චන්ද්‍රසේන සැකකරුගේ බිරිඳට ඇප තැබූ අරවින්ද සිල්වා මහතා සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග කරමින් මෙම වරෙන්තුව ඊයේ නිකුත් කළේය.
වරෙන්තු ලබා තිබියදී දිගින් දිගටම අධිකරණය මගහරින සැකකාර ප්‍රියංකා නියෝමාලි විජේනායක අධිකරණයට ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම මත ඇපකරුවන්ගේ ඇප රාජසන්තක කිරීම පිළිබඳ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී අධිකරණය පෙනී නොසිටීම හේතුවෙන් හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංගි අනුෂ්කා විජේනායක ඇපකරුවන් දෙදෙනාට මෙම වරෙන්තුව නිකුත් කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd