විනීතා එම් ගමගේ
පුත්තලමේ, අරුවක්කාඩු ප්‍රදේශයේ ඉදිකෙරෙන කසල අංගනය පරිසර හිතකාමී අන්දමින් ඉදිකෙරෙන්නක් බවත් ඒ සඳහා විධිමත් පරිසර අධ්‍යයනයක් සිදුකොට අනුමැතිය ලබාගෙන ඇති බවත් මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ලංකාදීපයට පැවසීය.
සියලු ශක්‍යතා අධ්‍යයනයන්ගෙන් පසු සිදුකරන මෙම කසල අංගනය ඉදිකිරීම උත්සාහ කර බැලීමක් ලෙස නොසලකන්නැයි සියලූ දෙනාගෙන් ඉල්ලා සිටින බව ද අමාත්‍යවරයා කීය.
තමන් පරිසර අමාත්‍යවරයාව සිටිය දී විධිමත් කසල අංගනයක් සඳහා බොහෝ උත්සාහ කළ බවත් එය දොම්පේ දක්වා තල්ලූ වී ගිය බවත් කී අමාත්‍යවරයා අද ලංකාවේ ක්‍රියාත්මක වන එකම විද්‍යාත්මක කසළ රඳවනය එය පමණක් බවත් කියා සිටියේය.
දොම්පේ කසළ අංගනයෙන් කිසිදු පාරිසරික ප්‍රශ්නයක් ඇති නොවන බවත්, අපජලය, කසළ ගෙන ඒම, රඳවා තැබීම ඇතුළු සියලූ කටයුතු ඉතා පරිසර හිතකාමි අන්දමින් සිදුකරන බවත් හෙතෙම පැවැසුවේය.
දොම්පේ කසළ රඳවනය වනාහි අරුවක්කාඩුවේ ඉදිකෙරෙන කසළ රඳවනයේ කුඩා අනුරුවක් සේ සැළකිය හැකියැයි ද අමාත්‍යවරයා කීය.
මොරටුව විශ්ව විද්‍යාලයේ ඝන අපද්‍රව්‍ය කළමණාකරන අධ්‍යනාංශය මෙහි කටයුතු සොයාබලන බව කී රණවක මහතා එය ඉදිකිරීමෙන් පසු මෙරට කසළ ප්‍රශ්නයකට කදිම විසඳුමක් ලැබෙනු ඇතැයි ද පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුත්තලමේ ඉන්න අය කියන්නේ කොළඹ කුණු එයාලට එපා කියලයි. කොළඹ එකතුවෙන කුණු ඔක්කොම කොළඹ ඉන්න මිනිස්සුන්ගේ ඒවා නෙමෙයි. දවසට පන්ලක්ෂයකට වඩා පුත්තලම ඇතුළු පිට පළාත්වලින් කොලඹට එනවා. මේ හැමෝම තමන්ගේ කෑම ගෙන කොලේ විසිකළත් ලොරි ගාණක් කොළඹ කුණු එකතුවෙනවා. නමුත් කොළඹ එක මනුස්සයෙක් කියනවද පිට පළාත්වල වල කුණු අපිට එපා කියලා?
අනේ තමුන්නාන්සේගේ සහතිකේ... ඒ දවස්වල අර වාහන දුම් පරීක්ෂාවක් ගෙනැල්ලා මිනිස්සුන්ගෙන් රජයට සල්ලි අය කරගන්න සලස්වලා ඒ සල්ලිවලින් පරිසරය වෙනුවෙන් නම් මෙලෝ දෙයක් කලේ නැහැ. මේකත් ඒ වගේ තමයි. මේ වැඩෙනුත් මිනිස්සු අමාරුවේ වැටුනහම පැත්ත පළාතක බලන එකක් නැහැ.
සිරිල් මොන වැඩේ කරන්න ගියත් වර්ජන ගර්ජන මේවා පා.ම.මහින්දගේ උසිගැන්වීමට කරන වැඩ තමයි.
අනේ ඇමතිතුමනි ඔය කියන දේ තේරුම් ගන්න බහුතර මහජනයාට පුළුවන් උනත් අට පාස් නැති උදවියට නොතේරෙන එක මෙරට වැසියන් කරපු පාපකර්මයක පලදීමක්. ජපානය වගේ රටක කසල ප්‍රතිචක්‍රීකරණය කරන්න යනවා කිවොත් මුලින්ම එය අනුමතකර ඉදිරියට එන්නේ පොදු මහජනයා. අපේ රටේ අට පාස් නැති අය තමා ඉදිරියට ඇවිත් මුළු එකම අවුල් කරන්නේ. අට පාස් නැති අයට කීය කීය හරි හම්බ වෙනවා කිවොත් ඉස්සෙල්ලම ඔය වැඩේ අනුමත කරන්නේ ඒ අය.
කසල වලට දෙන විසදුමි වලට කසල දමන දේශපාලකයෝ.
හොද වැඩක්. කල යුතු වැඩක්.