( ඉන්දිකා රාමනායක)
අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහය දක්වමින් අද ( 09) උදෑසන අරලිගහ මන්දිරයට පැමිණි පිරිස් අගමැතිවරයා හමුවීමෙන් පසුව එම ස්ථානයෙන් පිටත්ව ගෝල්ෆේස් දක්වා ගමන් ඇරැඹු අතරතුර අගමැතිවරයාට ඉවත්වන්නැයි සඳහන් කරමින් අරලියගහ මන්දිරය ඉදිරිපිට සාමකාමීව විරෝධයේ නිරතවන පිරිස සමඟ දැඩි උණුසුම් තත්වයක් ඇති වූහ.
එහි ඉදිකර ඇති අට්ටාල කඩා බිද දැමීමටද එම පිරිස් කටයුතු කළහ. ආණ්ඩුවට එරෙහිව සාමකාමීව විරෝධතාවයේ නිරත වූ පිරිසට පහරදෙමින් ඔවුන්ගේ අට්ටාල කඩා දමා ඒවා ගිනි තබා ඇතැයි ද වාර්තා වෙයි.
මාධ්‍යවේදීන් පිරිසට ද විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇත.
(ජයමාල් චන්ද්‍රසිරි)
වැඩිදුර තොරතුරු මෙතැනින්: ගාලු මුවදොර මිනිස් වැටක්
කොත්මලේ රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි ඉකුත් 11 වන දින සිදු වු බස්රථ අනතුරින් බරපතල ලෙස තුවාල ලබා ගම්පොළ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින්
යාපනය නගර සභා ගොඩනැගිල්ල නැවත ගොඩනැගීමේ කටයුතුවලදී මූල්‍ය අවභාවිතයක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
වෙන්නපුව කටුකෙන්ද මිහිඳු ප්‍රාථමික විද්‍යාලයේ 2025 වසර සඳහා නවක ශිෂ්‍ය නායක නායිකාවන්ට නිල ලාංඡන පැළඳවීම එම විද්‍යාලීය පරිශ්‍රයේදී සිදුකෙරිණි.
කොටහේන දැරියගේ මරණය සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියද වෙනම පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
සෞදි සංචාරය අවසන් කිරීමෙන් පසු, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටාර් රාජ්‍යයේ සංචාරය කිරීමට නියමිතය. මෙම සංචාරයේ දී ඇමෙරිකන් ජනාධිපතිවරයාට කටාර්
සිරියානු නව අන්තර්වාර රජයට සහාය පළ කරමින්, ඇමෙරිකාව විසින් එරටට පැනවූ සියලු සම්බාධක ඉවත් කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසීය. ට්‍රම්ප් මෙසේ පැවැ
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
අරලියගහ මන්දිරය අසල උණුසුම් වෙයි
Gamini Monday, 09 May 2022 12:21 PM
මිනිස්සු කොටවන එක තමයි ඔවුන්ගේ ආයුදේ...
Prabha Monday, 09 May 2022 12:35 PM
ලේ ටිකක් දකිනකල් ඔය මනුස්සයා දාලා යන්නේ නැහැ. ඔය ඔක්කොම දේවල් එයා සහ පවුලේ උදවිය ප්ලෑන් කරලා කරන දේවල්.
nanda Monday, 09 May 2022 12:43 PM
ඔන්න මහනායක හාමුදුරුවනේ, උපාසක මහත්තයාගේ නියම ස්වරූපය පේනවා නේද? දැන් මිනිස්සු පෝළිම්වල බඩගින්නේ... සමහරු මැරෙනවා. මෙයාලා බලේ රැකගන්න තක්කඩි වැඩ ඔක්කොම කරනවා.
සී.යූ . Monday, 09 May 2022 12:45 PM
සාමකාමී අරගලයට දේශපාලන හෙන්චයියන් දමා කරනු ලබන මෙවැනි නින්දිත පහරදීම් නිසා ගරු අගමැතිතුමා ඇතුළු ආණ්ඩුව කෙරෙහී පීඩිත සෑම පුරවැසියෙකගේම පිළිකුලට හා වෛරයට පත්වී එළබෙන ආසන්නතම මැතිවරණයේදීම නිසි පිළිතුරු මොවුන්ට ජනතාව ලබාදේවී. එය නම් නියතයි... සහතිකයි.
මැක්ස් Monday, 09 May 2022 12:53 PM
ආණ්ඩු විරෝධීන්ට වගේම ආණ්ඩුවට සහාය දක්වන අයටත් ඒ සඳහා ප්‍රජාතන්ත්‍ර නිදහස තිබිය යුතුයි. නමුත් ඔවුන් වෙනුවෙන් හඬ නැගීමට බටහිර තානාපති කාර්යාල නොමැති බව සිහිතබා ගත යුතුයි...
මරිසිපාල Monday, 09 May 2022 12:56 PM
විශ්ව විද්‍යාල සිසුන්ට ගහන්න කඳුලු ගෑස් නැද්ද? මෙහෙම විනාශ කරද්දී පොලිසිය බලා ඉන්නේ ඇයි?
ajith Monday, 09 May 2022 12:57 PM
අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඍජු තීරණ ගත් නායකයෙකි. ඔහු මේ වනවිට තනතුරින් ඉවත්වීමට තීරණය කර ඇත්නම් විරෝධතාකරුවන් කුමන ඉල්ලීම් කළද ඔහුගේ තීරණය වෙනස් නොවනු ඇත. නමුත් අගමැති ධුරයෙන් ඉවත්වීමට පෙර එතුමා රටට ලබාදෙන්නා වූ පණිවිඩය දේශපාලන වශයෙන් රටට වැදගත් වනු ඇත.
Ruwan R Monday, 09 May 2022 01:05 PM
කෝ අර ශ්‍රී ලංකා පොලීසිය?
Anura Monday, 09 May 2022 01:07 PM
කෝ එතකොට හදිසි නීතිය?
ඩුයි Monday, 09 May 2022 02:58 PM
පහන නිමෙන්නට පෙර දැල්වෙනවා ගොඩක් දීප්තියෙන්...!