(යොහාන් භාසුර)
අනුරාධපුර මාර්කට් පෙදෙසේ සතොස ප්‍රධාන අළෙවි මධ්‍යස්ථානයේ මත්පැන් අළෙවිසලේ මුද්‍රා කඩා මත්පැන් බෝතල් 800 ක් විණුවේ යැයි කියන සිද්ධිය සම්බන්ධ එහි කළමනාකාරවරිය සහ මත්පැන් අළෙවිසලේ සේවකයා සේවා කටයුතුවලින් තාවකාලිකව ඉවත් කරන බව සතොස සභාපති, රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා පවසයි.
මත්පැන් අළෙවිසලේ තොග ගණනය අවසන් වූ පසු ඔවුන්ව සේවා කටයුතුවලින් තාවකාලිකව ඉවත් කරන බවත් ආයතන තුනකින් පරීක්‍ෂණ කළ ද මේ දක්වා කිසිඳු වාර්තාවක් තමන්ට ලැබී නොමැති බවත් සභාපතිවරයා සඳහන් කරයි.
ආන්දෝලනයට තුඩුදී ඇති මෙම නීති විරෝධී ලෙස මත්පැන් අළෙවිය පසුගිය 7 වැනිදා සිදුවී ඇතැයි මේ වන විට කර ඇති පරීක්‍ෂණවලින් සනාථ වී ඇති බවත් එම සිද්ධිය වන දිනයේ ආරක්‍ෂක රාජකාරියේ සිටි පුද්ගලයා නිවාඩු ගොස් ඇති නිසා සේවයට වාර්තා කළ පසුව ප්‍රකාශයක් ගැනීමට නියමිතව බවත් සභාපතිවරයා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුරාධපුරේ දහම් සිසිල වෙනුවට දැන් මත් සිසිල... අහෝ රටට ගිය කලක්...!!!
නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ, පැමිණිල්ලත් හාමුදුරුවන්ගේ, විත්තියත් හාමුදුරුවන්ගේ. මේකද මේ එක රටේ එකම නීතිය?
කළමනාකාරතුමා සහ සේවකයින් වැඩකරන්නේ ඉහළ නියෝග වලට. කෝ මේ බෝතල් ගන්න ආපු අය සහ නියෝග දීපු අය? ඇයි එයාලට නීතිය නිහඬ...?
අනේ දෙයියනේ පහත් තැනින් යයි ගලා ජලේ.ෙ