(යොහාන් භාසුර)
අනුරාධපුර සතොස අලෙවි මධ්‍යස්ථානයේ මත්පැන් අලෙවි සැලට මුද්‍රා තබා තිබියදී නීති විරෝධී ලෙස විවෘත කර මත්පැන් අලෙවි කළ අවස්ථාවේදී එහි සී.සී.ටී.වී. කැමරා පද්ධතිය අකීය කර ඇතැයි ලංකා සතොස ආයතනයේ ප්‍රධානියෙක් පවසයි.
මෙම සිද්ධිය පිළිබඳව අනුරාධපුර පොලිසිය, සුරාබදු දෙපාර්තමේන්තුව සහ සතොස යන ආයතන තුන වෙන වෙනම පරීක්ෂණ පවත්වන බවත් සතොස විමර්ශන ඒකකය කළ පරීක්ෂණයේ අතුරු වාර්තාවක් හෙට ලැබීමට නියමිත බවත් එම නිලධාරියා කියයි.
එම අතුරු වාර්තාව ලැබීමෙන් පසු මෙම සිද්ධියට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව තාවකාලික විනය පියවරක් ගන්නා බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිනම් හෝ සේවකයන්ගේ අනුදැනුම නැතිව නිරීක්ෂණ කැමරා පද්දතිය පිලිබදව කුමක් හෝ විස්තර පිටස්තරයන්ට ලැබෙන්නට ඇතැයි හැගෙන්නේ අපට පමනමද ?
ඇත්තටම මම අදයි දන්නෙ රජය වෙනුවෙන් සතොස අරක්කු විකුණපු බව. මගේ නොදැනුවත්කම ගැන කණගාටු වෙමි. ඒ අතරම සල්ලි දීලා නම් මොකට ඕක හොයනවද? පහුගිය කාලේ සතොසේ බඩු නිකන්ම දීලා හොඳට ඉන්න එකේ...
ඕන ඔට්ටුවක් මේක යටයනවා ෂුවර්...
සල්ලි දීලා නම් ගත්තේ මේක හොරකමක් නොවේ. සති ගණනක් තිස්සේ පිපාසිතව ඉන්න මහජනයාට ගතට හා සිතට සිසිල ගෙනදෙන මෙවන් ක්‍රියාවක් කිරීම මහත් ඵල මහානිසංශ ගෙනදෙන පුණ්‍යකර්මයක්...
පාස්කු ඉරිදා ප්‍රහාරය පරික්සණ කරප අය මේකත් කරයි