
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කොළඹ වරායේදී අයිස් කිලෝ 472ක් සමග අත්අඩංගුවට ගත් අය ගැන පරීක්ෂණ පවත්වනවා වෙනුවට එම වැටලීම කළ නිලධාරීන් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කිරීම ලැජ්ජ නැති වැඩක් බව සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී අද (09) පැවසීය.
මෙවැනි දේවල්වලින් අවංක නිලධාරීන් අධෛර්යයට පත්වන බවද ඔහු සඳහන් කළේය.
කන්ටේනර් 323ක් පිට කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ කමිටුවේ වාර්තාව හැංඟූ බවත් මේ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසාන වාර්තාවද මාස දෙකක් තිස්සේ ප්‍රමාදවී පවතින බවත් හෙතෙම සඳහන් කළේය.
මන්ත්‍රීවරයා මෙසේ පැවසූවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර පනත අහෝසි කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය.
නීතිඥ අජිත් පී පෙරේරා මහතා මෙසේද පැවසීය
කොළඹ වරායේදී කෝටි අටසීයක් වටිනා අයිස් කිලෝ 472ක් අත්අඩංගුවට ගත්තා. මීට පෙර කන්ටේනර් 323 ක් ගැන ගැටලුවක් මතුවුණා. ඒ ගැන වාර්තාව හැංඟුවා. ඊට පස්සේ එ් ගැන හොයන්න තේරීම් කාරක සභාවක් පත් කළා. මාස දෙකක් තිස්සේ ඒ කමිටු වාර්තාව ප්‍රමාදයි. අදත් හම්බවෙන්න තිබුණා. හමුවීමක් නෑ .රන්මල් කොඩිතුවක්කු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා කරපු එම පරීක්ෂණය ගැන නැවත පරීක්ෂණයක් ආරම්භ කරලා තියෙනවා.
මේ වගේ දේවල් වලින් අවංක නිලධාරීන් අධෛර්යට මත්වෙනවා. පකිස්තානු ජාතිකයන් තුනක් මෙරට ප්‍රධාන ව්‍යාපාරිකයෙක් ඇතුළු අට දෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා වරායේ කන්ටේනර් පාවිච්චි කරනවා. අයිස් ටොන් භාගයකට වැඩියි. දැන් පරීක්ෂණ කරන්නේ අත්අඩංගුවට ගත්ත අය ගැන නොවෙයි. අත්අඩංගුවට ගැනීම මෙහෙයවූ පොලිස් නිලධාරීන් ගැන. කැතයි නේද. අවුලක් තියෙනවා නේද. මෙවැනි දේවල් නිසා පොලිස් දෙපාර්තමේන්තුව ගැන අපකීර්තියක් ඇතිවෙනවා. අපරාධ සම්බන්ධයෙන් ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කරන අය ගැන අවිශ්වාසයක් ඇතිවෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd