
(ක්රිෂාන් ජීවක ජයරුක්)
මාතර ගොඩගම ප්රදේශයේ දී යතුරුපැදි දෙකක් මුහුණට මුහුණලා හැපීමෙන් පසු එක් යතුරු පැදි කරුවකු බසයක රෝදයකට ද යට වී එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්ව අනෙක් යතුරුපැදිකරු බරපතල තුවාල ලබා ඇතැයි මාතර මූලස්ථාන පොලීසිය පවසයි.
එසේ අවාසනාවන්ත ලෙස මරුමුවට පත් වූයේ පිටබැද්දර එලමල්දෙනිය පදිංචිව සිටි රණසිංහ ගේ ඉරුෂ ලක්ෂාන් (19) නැමැති අවිවාහක තරුණයෙකි.
මාතර නගරයේ රස කැවිලි නිෂ්පාදන ආයතනයක නැවතී සේවය කරන ඔහු නිවාඩු ලබා තොරණක් බැලීම සදහා පිටබැද්දර තම ගම් ප්රදේශය වෙත යන අතරතුරදී මෙම අනතුරට ලක්ව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd