
( සිතුම් චතුරංග)
මන්නාරම සිට තලෙයිමන්නාරම දක්වා පෞද්ගලික බස්රථයකින් රුපියල් මිලියනයකට අධික වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බස්රථ රියදුරකු හා කොන්දොස්තරවරයකු තලෙයිමන්නාරම පොලිසිය ඉදිරිපිටදී අත්අඩංගුවටගත් බව තලෙයිමන්නාරම පොලිසිය කියයි.
මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් තලෙයිමන්නාරම පොලිස් ස්ථානාධිපතිවරයා වෙත ලැබුණ තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරුවන් දෙදෙනා සහ මත්ද්‍රව්‍ය රැගෙනයමින් සිටි බස්රථය අත්අඩංගුවටගෙන තිබේ.
බස්රථයේ අසුනක් යට සූක්ෂම ලෙස අයිස් මත්ද්‍රව්‍ය තොගය සඟවා තිබූ බවත් දීර්ඝ කාලයක සිට සැකකාර බස් රියදුරු හා කොන්දොස්තර මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවූවන් බවට තොරතුරු අනාවරණයවූ බවත් පොලිසිය පැවසීය.
ඉන්දියාවේ සිට මෙම මත්ද්‍රව්‍ය මන්නාරම ප්‍රදේශයට රැගෙනවිත් ඇති බවට සිදුකළ විමර්ශනවලදී අනාවරණයවූ බවද කීය.
අත්අඩංගුවටගත් සැකකරුවන් තලෙයිමන්නාරම හා කට්ටුක්කාරායන්කුඩිරිප්පු ප්‍රදේශයේ පදිංචි අවුරුදු 28ත් 39 අතර වයසේ පසුවන්නෝ වෙති.
සැකකරුවන් මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.අතර තලෙයිමන්නාරම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
2025 නොවැම්බර් මස 04
222
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2083
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘අයිස්‘ ප්‍රවාහනය කළ බස් රියදුරුට-කොන්දොස්තරට වැඩ වරදී