
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ආණ්ඩුවේ අයවැය ඉදිරිපත් කරන විට තමාට තේරුම් ගියේ ජේ.ආර්.ගේ මුණුපුරා පැමිණ අයවැය ඉදිරිපත් කරන ස්වරූපයක් බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
'වතු කම්කරු ජනතාවට රුපියල් 200 ක් ලබා දීමට පක්ෂයක් ලෙස අප කිසිසේත් විරුද්ධ නෑ.වතුකරයේ දෙමළ ජනතාවට මෙන්ම උතුරේ දෙමළ ජනතාවටත් ඉතිහාසය විසින් කරපු අසාධාරණකම් නිවැරදි කළ යුතු යැයි අප තදින්ම සිතනවා.
මේ අයවැය කියවන විට මට තේරුනේ ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිගේ මුණුපුරා ඇවිත් අයවැය කියවන බවයි.ලලිත් ඇතුලත්මුදලිලා, ගාමිණී දිසානායකලා,රොනීද මෙල්ලා,අත්පුඩි ගහනවා වගේ තමයි අපට පෙනුනේ.මේ වාමාංශික ආණ්ඩුව ලිබරල් වාදී අයවැයක් ඉදිරිපත් කළා.වැඩ වර්ජන උද්ඝෝෂණ කරලා මේ රටේ ආර්ථිකය වට්ටන්න ප්‍රධාන දායකත්වය දුන්න කණ්ඩායම විසින් රාජ්‍ය ආයතන විකුණනවා යැයි අයවැයෙන් අමු අමුවේ කියනවා.මම ජනාධිපතිටත් ආණ්ඩුවටත් ඒ කාරණයට නම් ස්තුතිවන්ත වෙනවා යැයි මන්ත්‍රීවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ කට වහගෙන ඉන්න.
මේ කාර් පර්මිට් ඉල්ලා, රනිල් ලග වැදවැටුණු මරික්කාර්ය... කලක් මොහු වේදිකා පලමින්, කොල අලි, රතු අලි ගිවිසුම් කියමින් ජනතාව මුලා කලහ, මෙය හිස් බෙරයකි. ඇතුලේ කිසිවක් නැත...
මොකක් හරි කමක් නැහැ... රට හරියට යනවා නම්. අනිත් එක නුඹලා වගේ එක එක ඇද ඇද වහන අය නම් ඕනෙම නෑ.
ඒක පත්තරේට කිව්ව ඒකා නොට්ටිගේ පුතා..
වමට සිග්නල් දමල දකුණට හරවන එක ගැන එච්චර හිතන්න එපා. R ප්‍රේමදාස මහත්මයත් මුලින්ම දේශපාලනය අරම්භ කලේ වමාන්ශිකයෙක් ලෙස බව අමතක කරන්න එපා. ලබන ඡන්දෙදී සමහරවිට මාලිමාව සහ සජබේ එකට ඡන්දෙ ඉල්ලුවොත් පුදුම වෙන්න එපා... ඔය ගොල්ලත් 2015 JVP සමග එකට වැඩ කලානේ , මහින්ද එලවන්න.
මරික් ( කාර් ) ලා හරි කැමතියි ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙන දෝෂයට ලක්වෙන අයවැයක් ඉදිරිපත් කලා නම්... මේ ඉදිරිපත් කරන්නේ පොතට සහ පක්ෂ න්‍යායට වෙනස් රටට සහ අදට ලෝකයට ගැලපෙන අයවැයක්. මෙහි ප්‍රතිපල එන්නේ දැන් නොවේ. J.. R. ගේ මුනුබුරාව මතක් උනාට J R ගේ බෑනාට විලංගු දාපු මුනුබුරා ඉදිරියේ දී බෑනාව හිරේ බෝඩින් කරන බවත් මතක් කරගත්තොත් හොදයි... ඒ විතරක් නොවේ උබලගේ හුගක් නාම්බෝ වැලිකඩ යන්න නියමිතයි. උබලා දැන් ලිපිනයක් සදහන් නොකළ ලියුම් වගේ නාන්නත්තාරයි... නැවත පාර්ලිමේන්තු පැමිණීමක් නැත.