(මහේෂ් කිර්තිරත්න)
මාතලේ සිරිමාවෝ බණ්ඩාරනායක ආදර්ශ ප්‍රාථමික විද්‍යාල තුළදී අයාලේ යන බලු රංචුවක් සපා කෑ එහි පළමු ශ්‍රේණියේ සිසුවකු බරපතල තුවාල ලබා මාතලේ මහ රෝහලට අද (29) දහවල් ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග කියයි.
මෙම සිසු දරුවා පාසල් භූමියේ සෙල්ලම් කරමින් සිටියදි අයාලේ යන බල්ලන් කිහිප දෙනකු වටකරගෙන සපා ඇති අතර ඒ අවස්ථාවේදි ඒ ආසන්නයේ සිටි කිහිප දෙනකු පැමිණ මහත් පරිශ්‍රමයක් දරා සිසුවා බේරාගෙන රෝහල්ගත කිර ඇත.
මේ සම්බන්ධයෙන් විදුහල්පති චාන්දනි වැලිකන්නගේ මහත්මියගෙන් කළ විමසීමේදී කියා සිටියේ පාසල් භූමියේ අයාලේ යන බල්ලන් පිළිබදව අවස්ථා කිහිපයකදි අදාළ අංශ දැනුවත් කර ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම කණගාටුදායක සිදුවීමක්. දරුවාට ඉක්මන් සුවය ලැබේවා...!!!
මේකත් අර පස්සර අනතුර වගේ එකක් තමයි. නිලධාරීන් නිදි.
පාර පුරා දඩාවතේ යන බල්ලන්ට කෑම දාන කවුරුත් මේවා දකින් නැද්ද?