(තරිදු ජයවර්ධන)
අයිඑස් සංවිධානය හා සම්බන්ධතා පැවැත්වී යැයි සැකපිට අධ්‍යාපන අමාත්‍යංශයේ ‘ළඟම පාසල හොඳම පාසල’ ව්‍යාපෘතියේ සහකාර අධ්‍යක්ෂකවරයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග කියයි.
එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ නොරොච්චෝල ප්‍රදේශයේදී බවද පොලිසිය පවසයි.
ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු තලංගම පොලිසියේ අපරාධ අංශයේ නිලධාරීන් පිරිසක් අධ්‍යාපන අමාත්‍යංශයට ගොස් ඔහුගේ බඩුභාණ්ඩ ආදිය පරීක්ෂා කළ බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
අධ්‍යාපන අමාත්‍යංශයේ ‘ළඟම පාසල හොඳම පාසල’ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන කාර්යාලයට ගිය පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගත් පුද්ගලයා පරිහරණය කළ බව කියන ලැප්ටොප් පරිගණයක් සහ ලියකියවිලි කිහිපයක්ද පොලිසිය බාරයට ගෙන තිබේ.
මෙම පුද්ගලයා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගෙන ඇත්දැයි කළ විමසීමේදී අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නිහාල් රණසිංහ මහතා පැවසුවේ පොලිස් පරීක්ෂණ අවසන් වනතුරු අමාත්‍යංශයෙන් ක්‍රියාමාර්ගයක් නොගන්නා බවයි.
‘ළඟම පාසල හොඳම පාසල’ ව්‍යාපෘති කාර්යාලයට මුද්‍රා තබා ඇද්දැයි කළ විමසීමකදී ඒ මහතා පැවසුවේ සහකාර අධ්‍යක්ෂකවරයා භාවිත කළ උපකරණ පොලිසිය බාරයට ගත්තද කාර්යාලයට මුද්‍රා තබා නැති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය පැන්නේ බළලා මල්ලෙන් එලියට.
මෙම නිලධාරියා සම්බන්ධයෙන් ආයතන සංග්‍රහය අනුව කටයුතු නොකර මග හැරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්ගේ වැඩ තහනම් කල යුතුයි. ඔහුත් මුස්ලිම් ත්‍රස්තවාදී ව්‍යාපාරයේ ආධාරකරුවෙක් ද යන්න ගැන සොයා බැලිය යුතුයි!
මේ වගේ තනතුරු වලට පත් කලයුත්තේ රටට දරුවන්ට ආදරේ කරන උගත් නිලදාරීන් මේ වගේ අය දේශපාලනෙන් උසස් තනතුරු වලට රිංගගෙන කරන ජරා වැඩ.
අරන් දවස් දෙකෙන් ඇප දෙනවා. අර එක්කෙනකුට දීල තිබ්බේ. අය්යෝ සල්ලි.