
(සුජිත් හේවාජුලිගේ)
කොවිඩ් රෝගීන්ගෙන් අයි.ඩී.එච් රෝහල පිරී ගොස් ඇතැයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා පැවසීය.
රෝහලේ කොවිඩ් ආසාදිතයන් 160 දෙනෙකු මේවනවිට ප්‍රතිකාර ලබන බවද ඔහු සඳහන් කළේය .
රෝහලේ දැඩි සත්කාර ඒකකයේ රෝගීන් අට දෙනකුට ප්‍රතිකාර ලබා දිය හැකි වන අතර එම සියලුම ඇඳන් මේ වනවිට පිරී ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි .
කොරෝනා ආසාදනයවී බරපතළ සංකූලතා සහිත අයට ප්‍රතිකාර ලබා දෙන්නේ කොළඹ අයි ඩී එච් රෝහලෙනි.
කිසියම් තදබදකාරී තත්වයක් මතු වී තිබුණද සියලු දේ කළමනාකරණය කර ගනිමින් රෝහලේ කටයුතු පවත්වාගෙන යන බව එහි අධ්‍යක්ෂවරයා කීය .
රෝහලේ ඔක්සිජන් ප්‍රශ්නයද විසඳාගෙන ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
.මේ රට දවස් 15ක් ( සම්පුර්ණයෙන්ම ) වසා තබා, ඇඳිරිනීතිය දමා හැර මේ වසංගතය පාලනය කිරීමට වෙන ක්‍රමයක් නොමැතිබව මහාචාර්ය මලික් පිරිස් මහතා විස්තර ඇතිවම පැහැදිලි කරලා දුන්නා.රට වැසීමට පෙර කලයුතු සියලුදේ එතුමා පැහැදිලි කරලා දුන්නා.ආර්ථික දුෂ්කරතා වලින් පෙලෙන අයට ඔවුනට අවශ්‍ය දේ ලබාගැනීම සඳහා කලින්ම මුදල් ලබාදීම, රට වැසීමට දින කිහිපයකට පෙර දැනුම් දීම....) වයිරස්වල ජිවන චක්‍රයේ incubation period එක නොදත් මේ මෝඩ හැතිකරය රටේ ජනතාවම නැති කරන්නද මේ ලැහැස්ති වෙන්නේ...?
අයි ඩීඑච් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ රෝගීන් අට දෙනකුට ප්‍රතිකාර ලබා දිය හැකි වන අතර එම සියලුම ඇඳන් මේ වනවිට පිරී ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි .