(ඩයනා උදයංගනී)
මූල්‍ය අරමුදලේ සහය හා ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ අවස්ථාව ලබාගැනීමට ජනතාව විශාල කැපකිරීමක් කළ බවත්, එය යම් ආකාරයකින් කඩාකප්පල් කළහොත් රට කොතැන නවතීදැයි කිව නොහැකි බවත් කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
රට දරුණු අගාධයකට වැටීම වළක්වාගැනීමට නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය හැර වෙනත් විකල්ප නැතැයි කී ඇමතිවරයා රජයට කළ නොහැකි දේ ඉල්ලා කරන උද්ඝෝෂණ නිසා එම වැඩපිළිවෙල කඩාකප්පල් වුවහොත් රට අන්ත අගාධයකට වැටෙනු ඇතැයි සඳහන් කළේය.
ඒ නිසා රට තිබුණු තැනින් ගොඩගෙන ජාත්‍යන්තරව පිළිගත හැකි තැනකට ගෙනඒම සඳහා සියලු දෙනා කෙටි කාලයක් ඉවසීමෙන් හා වගකීමෙන් කටයුතු කළ යුතු බව ඇමතිවරයා කීවේය.
ඇමතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (8) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
උසාවි නියෝග පවා නොතකමින් කරන උද්ඝෝෂණ නිසා සංචාරකයන් රටට පැමිණීමට බිය වන බව ද හෙතෙම පැවසීය.
ණය ප්‍රතිව්‍යුහගතකරණය කරගැනීම සඳහා ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ කාලයේ සිට විශාල වෙහෙසක් දැරූ බවත්, මේ වන විට වත්මන් ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් චීනය ද ඊට එකඟ වී ඇති බවත් බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
බදු ප්‍රතිපත්තිය, මිල ගැලපුම් කිරීම් යටතේ ජනතාවට පීඩාවක් සහිතව වුවත් කැපකිරීම් නොකළා නම් දැන් මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය ගිවිසුමට ඇතුළත්වීමට අවශ්‍ය මූලික පියවර සඳහා ලැබුණු අවස්ථාව නොලැබෙන බවත්, එසේ නොවුණා නම් ණයවර ලිපි නිකුත් කරන්න බැරි වී ඛනිජතෙල්, ගෑස්, පොහොර, බෙහෙත් නැති රටක් බවට ශ්‍රී ලංකාව පත්වීමට නියමිතව තිබූ බවත් ඇමතිවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අචාර්ය උපාධිය ගත්තේ ණයට කෑම ගන්නද?
රටම කාබාසිනිය කරල තව බයිල කියන්නත් එනව.
රට දරුණු ආගාධයකට ඇද දැමුවේ ජනතාව නොව රට කරවූ දේශපාලකයින්ය. නිෂ්පාදන ආර්ථිකයකින් මිස වෙනත් විසඳුමක් නොමැත. මේ ලැබීමට නියමිත බිලියන 2.9ත් කාබාසිනියා කර තවතවත් ණය බර වැඩිකර රට ප්‍රපාතයට ඇද දමනු ඇත...
මේ රට මේ තත්ත්‍වයට පත්කළ පොහොට්ටු හොර තක්කඩියන් ඇතුලු රනිල් ආණ්ඩුව විසින් ලබා ගන්නා IMF ණය නැවතත් මංකොල්ල කන නිසා මේ රට තව තව ණය උගුලක හිරවෙලා... මිනිස්සුන්ට බදු පිට බදුගහලා හාමතේ මැරෙන්නයි වෙන්නේ....
අද රට මේ තත්වයට පත්කරපු දේශපාලකයින්ට නම් හොඳක් සිද්ද වෙන්නේ නැහැ... මේ සෙට් එක තොලොංචි වෙලාම යන්න ඕනේ...
ඔව්, රට විකුණාගෙන ඔබලාගේ පවුල් මඩිය තරකර ගන්න...!
රට කාලා කාලා දැන් එනවා උදැල්ලක් ගැන කියවන්න. පලයන් යන්න...
දැන් සුරංගනා ලෝකයක්ව්වා මැව්වාට රටට වල කැපුවේ ජෙප්පෝ. ජනතාව ජෙප්පන්ගේ වල හරියට කැපුවේ නැහැ 3% ඉතුරු කලා.
තියෙන තරම් ණය ගන්න ලෝකෙ වටේන්ම. අපි හැමෝටම ඉක්මනින් දියුණු වෙන්න පුළුවන්