IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


අයි.එම්.එෆ් ගුණ දොස් බලන්න ජනපතිගෙන් කමිටුවක්

(අංජුල මහික වීරරත්න)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම ක්‍රියාත්මක වන ආකාරය ගැන සොයා බැලීම වෙනුවෙන් පසු විපරම් කමිටුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කොට ඇත.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන, මහබැංකු අධිපති  නන්දලාල් වීරසිංහ ඇතුළු විද්වත්හු මෙම කමිටුවේ සාමාජිකයෝ වෙති.

ජනාධිපතිවරයා විසින් මෙම කමිටුව කටයුතු කරන ආකාරය ගැන යෝජනාවක් ද කැබිනට් මණ්ඩලය වෙත යොමු කර ඉදිරියේදී මීට කැබිනට්  අනුමැතිය ලබා ගැනීමට නියමිතය.

අදාළ කමිටුව විසින් අයි.එම්.එෆ් ක්‍රියාවලිය සම්බන්ධයෙන් නිතර පසු විපරමක් කළ යුතු අතර බදු ප්‍රතිපත්ති, බදු ප්‍රතිශතයන් වෙනස්වීම්, වක්‍ර බදු අඩු කරමින් සෘජු බදු ඉහළ නැංවීම ආදිය ගැන නිරන්තයෙන් සොයා බලා ඊට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ යුතුවේ.

ඊට අමතරව අයි.එම්.එෆ් කොන්දේසි ක්‍රියාත්මක කිරීම ගැනද මෙම කමිටුව විසින් සොයා බැලිය යුතුය. 

දුෂණ මර්දන පනත වැනි අණ පනත් ගැන ද සොයා බලමින් මාසකට වරක් මෙම කමිටුව විසින් ඇමති මණ්ඩලය දැනුම්වත් කළ යුතු බවද ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කමිටුව වෙත දුන් උපදෙස්වල සඳහන් වේ.



අදහස් (4)

අයි.එම්.එෆ් ගුණ දොස් බලන්න ජනපතිගෙන් කමිටුවක්

mewan Saturday, 01 April 2023 06:13 AM

රනිල් එළවමු.

:       0       5

නිමේෂ් Saturday, 01 April 2023 07:44 AM

උත්දමනයක් තිබෙද්දීම IMF ඉල්ලීම මත වුර්තික්යන්ට අදික බදු ගැසීම නිසා ඔවුන් රට හැර යාම එකක් , අනුරපුර රෝහලේ වාට්ටුවක් වැසීයාම එකේ එක පර්තිපලයක් , රනිල් ට රාජපක්ෂලාට IMF එකට සුබපැතුම් ,හොඳටම කරා කියන්නේ ඕකට.

:       0       4

Kumara Saturday, 01 April 2023 07:56 PM

දැන් ජේ.ආර්. කෝළම වැහිලා තියෙන්නේ.

:       0       4

kamal Saturday, 01 April 2023 11:06 PM

සාගල රත්නායක විද්වතෙක් වුනේ කවදා ඉඳලද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 211 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 720 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1133 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site