(අජිත්ලාල් ශාන්තඋදය)
මව්පියන් දෙදෙනාම කෝවිඞ් ආසාදිත බව තහවුරුවී ප‍්‍රතිකාර මධ්‍යස්ථානවලට යැවුන පසු ඥාතීන්ගේ හෝ වෙනත් විශ්වාස කටයුතු කිසිවකුගේ ආරක්‍ෂාවක් නැති දරුවන් සබරගමු පළාතේ පරිවාස දෙපාර්තමේන්තුවේ බාරයට පත්කරන බව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පවසයි.
කෑගල්ල දිස්ත‍්‍රික්කයේ යටියන්තොට, ගොමාඩුව පිහිටි පළාත් පරිවාස දෙපාර්තමේන්තුවේ පූර්ණ ආරක්‍ෂාව යටතේ ඇති මධ්‍යස්ථානය ඒ සඳහා තොරාගෙන ඇති බව පළාත් ආණ්ඩුකාරවරයා ස`දහන් කළේය.
රත්නපුර දිස්ත‍්‍රික්කයේ කෝවිඩු 19 වෛරසය පැතිරයාම ඉහළ අගයක් ගනී. රත්නපුර දිස්ත‍්‍රික් කෝවිඞ් මර්දන කමිටුවට සූම් තාක්‍ෂණය ඔස්සේ පසුගිය 133දා පැවති අවස්ථාවේ පළාත් ආණුඩකාරවයා මේ බව කියයි.
ඇතැම් පවුල්වල මව්පිය දෙදෙනාම කෝවිඞ් ආසාදිතව ප‍්‍රතිකාර මධ්‍යස්ථානවලට රැුගෙන යාමේදී ඔවුන්ගේ දරුවන්ට රැුකවරණ දීම පිළිබඳ ගැටලූව පැන නැගුණු අවස්ථාවේ ඊට පිළියම් යෙදීමට ආණ්ඩුකාරවරයා මෙසේ මැදිහත්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරිවාසය කියන්නේ ළමයින්ට භයානක ස්ථානයක්...