
(උපාලි ආනන්ද)
මව මත්පැන් විකුණන නිසාත් මවගේ දෙවන සැමියා නිවසේ නොමැති අවස්ථාවල විවිධ පුද්ගලයන් මව හමුවීමට පැමිණෙන නිසාත් තවදුරටත් මව සමඟ ජීවත් විය නොහැකි බව වයස අවුරුදු 14 ක පාසල් දැරියක කැකිරාව මහේස්ත‍්‍රාත් අධිකරණයේ පරිවාස නිලධාරීන් හමුවී ප‍්‍රකාශයක් කර ඇත.
මව සහ පියාද වෙනත් විවාහයන් සිදු කර ගෙන ජීවත් වන බවත් තමා මව සමඟ ජීවත් වූ බවද සඳහන් කර ඇත.
දැරිය මව මත් පැන් විකුණන බවත් මවගෙන් මත්පැන් මිලදී ගැනීමට පිටස්තර විවිධ පුද්ගලයන් නිවසට පැමිණෙන බවද කියා තිබේ.
එම තත්වය මත මව සමඟ ජීවත් විය නොහැකි බවද ඇය ප්‍රකාශ කර ඇත.
මවගේ දෙවන සැමියා නිවසේ නැති අවස්ථාවලද විවිධ පුද්ගලයන් රාත‍්‍රි කාලයේ සහ දිවා කාලයේ මව හමුවීමට නිවසට පැමිණෙන බවද පවසා ඇති දැරිය මවගේ දෙවන සැමියාද තමාගේ ශරීරය අතපත ගාමින් විවිධ බලපෑම් සිදු කරන බවද තවදුටරත් ප‍්‍රකාශ කොට තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් උතුරු මැද පළාත් පරිවාස හා ළමා රක්ෂක සේවා කොමසාරිස් සුරීතා පෙරේරා මහත්මියගේ උපදෙස් මත කැකිරාව මහේස්ත‍්‍රාත් අධිකරණයේ ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරි කරුණා කීර්තිරත්න මහතා විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරලියට නොපෙනී මෙවැනි ශෝචනීය කතා බොහොමයක් අද සමාජයේ තියෙනවා. නමුත් මේ දැරිවිය කාව විනාශ කරලා කා ළඟට යන්නද... හොඳම චරිත කියන අම්මත්, තාත්තත් නරක චරිත නම්...?