(එම් .සුසිල් ප්‍රියන්ත සහ එම්.හේමන්ත ද සිල්වා)
වැටුප් විෂමතාවය ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අම්බලන්ගොඩදී නගරයේ පැවැති ගුරු උද්ඝෝෂණය අතර තුර රෝගියකු රැගෙන ගිය ගිලන් රථයකට බාධා වීමත් සමග අම්බලන්ගොඩ නගරයේ දැඩි උණුසුම් වතාවරණයක් ඇතිවිය.
අම්බලන්ගොඩ බස් නැවතු පොළ ඉදිරිපිට ගාලු පාරේ එක් මංතීරුවක් වසා ගුරුවරුන් උද්ඝෝෂණය කිරීමත් සමගම පැයක පමණ රථ වාහන තදබදයක් ඇති විය.
ගාලු අන්තයේ සිට බලපිටිය මූලික රෝහලට රෝගියකු රැගෙන යමින් තිබූ ගිලන් රථයකට කෙලින්ම ගාලු පාරේ ගමන් කිරීමට අම්බලන්ගොඩ බස් නැවතුම් පොළ වටා රවුමක් ගසා යාමටද සිදුවිය.
මේ සමගම අම්බලන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එන්.කේ.විතානගේ මහතා සහ උද්ඝෝෂකයන් අතර දැඩි උණුසුම් කතා බහක් ඇති විය.
අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයට අයත් පාසල්වල ගුරුවරු විශාල පිරිසක් මේ උද්ඝෝෂනයට හා විරෝධතා පාගමනට එක්වී සිටියහ. පැයක් පමණ කාලයක් උද්ඝෝෂණය කිරීමෙන් පසු පිරිස විසිර ගියහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
අම්බලන්ගොඩ ගුරු උද්ඝෝෂණය උණුසුම් වෙයි