(ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ සුජීව සමරක්කොඩි)
මාතරදී සිව් හැවිරිදි දැරියකට අමානුෂික ලෙස පහර දී බරපතල තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් එම දරුවාගේ බාප්පා බව කියන පුද්ගලයෙකු සහ ඊට ආධාර අනුබල දුන් දැරියගේ මව අද (15) අත්අඩංගුවට ගත්බව මාතර පොලිසිය පැවසීය.
පහර කෑමට ලක් වූ දැරිය වෛද්‍ය ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලවෙත ඇතුළත්කර සිටින අතර එම දරුවාගේ අතකට සැත්කමක් කර ඇති බවද එම රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.
දරුවාගේ මිත්තනිය ඒ පිළිබඳව පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ ආරම්භ කෙරිණි.
පහරදෙන අයුරු ඒ අසල වෙළඳසැලක සවි කර තිබූ සී.සී.ටී.වී.කැමරා පද්ධතියේ පටිගත වී තිබුණි.
අත්අඩංගුවට ගත් සැකකරු සහ දරුවාගේ මව මත්කුඩුවලට තදින් ඇබ්බැහිවූ පුද්ගලයන් බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් දෙදෙනා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරුවන් ආරක්ෂා කරන්න රටේ නීතියක් නැහැ. නගරේ විතරක් නෙමෙයි ඈත ගම්වල පවා ගැහැණු, පිරිමි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා. හිටපු හිටිය ඉන්න ආණ්ඩු ඔක්කෝමගේම හෙරොයින් ජාවාරම් කරන දේශපාලකයින් ඉන්නවා. සමාජ ජාලාවල පහුගිය දවසක තිබුණු 69 ලක්ෂයටම කුඩු බෙදන්න තනි මිනිහෙක්ට බැරි හින්දා හිරේ ඉන්න කුඩුවලට නම් දරාපු තව දේශපාලකයෙක්ව නිදහස් කරගන්න හදනවා කියලා.
පොලිස් කාරයයි.. කුඩු මුදලාලියි... කසිප්පු කාරයයි එකට වැඩටික කරගෙන යන්නේ... පොලිස් ලොක්කන් ගැන හොයන්න වෙනම බුද්ධි අංශයක් හදන්න ඕනෑ.