(විමුක්ති එස් රුද්‍රිගු සහ ළහිරු හර්ෂණ)
රාගම වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය නේවාසිකාගාරයේ අද අලූයම සිදු වූ ගැටුමකින් වෛද්‍ය සිසුන් සිවු දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
තුවාල ලැබූ වෛද්‍ය ශිෂ්‍යයින්ගෙන් තිදෙනකු උතුරු කොළඹ ශීක්ෂණ රෝහලටත් එක් අයෙක් මීගමුව දිස්ත‍්‍රික් රෝහලටත් ඇතුලත් කර ඇතැයි පොලිසිය පවසයි.
ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් අතර ගැටුමකදී එක් කණ්ඩායමක සහාය දැක්වීම සඳහා පිටස්තර පුද්ගලයන් 15 දෙනකු පමණ පැමැණ ඇතැයි ආරංචි මාර්ග පවසයි.
එසේ පිටතින් පැමිණි පිරිස අතර සිටි රාජ්‍ය අමාත්‍යවරයකුගේ රියදුරු බව කියන පුද්ගලයකු සහ නිල රථයක් රාගම පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇති අතර එසේ පැමිණි සෙසු වාහනය පිළිබඳව වැඩි දුර පරීක්ෂණ සිදුකරන බව පොලිසිය පවසයි .
පිටතින් ආ පිරිස රජයේ ප්‍රබලයකුගේ ආධාර කරුවන් බව ද ආරංචි මාර්ග පවසයි .
රාගම පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක බුද්ධික රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ,අපරාධ අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක අසේල පෙරේරා මහතා ඇතුළු පිරිසක් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
පිටස්තර කණඩායම රැුගෙන ආ සිසුවා මීගමුව දිස්ත‍්‍රික් රෝහලටත් තුවාල ලැබූ සිසුන් තුන්දෙනා උතුරු කොළඹ ශික්ෂණ රෝහලටත් ඇතුලත් කර ඇත .



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රබලයෙකුගේ ගෝලයෝ? වැඩේ යට ගහනවාමයි. ඉස්සෙල්ලාම ඔය කියන ප්‍රබලයාගේ ගෝලයින් ටික රාගම විකලාංග වාට්ටුවට යන්න සැලැස්සුවානම් හරි පසුබිම් විස්තර හොයාගන්න පුළුවන් වෙයි...
කොහෙද දන්නේ නෑ... එක රටක්, එක නීතියක් තියෙන්නේ..? සභාපති උන්නාන්සේට ඇවිත් බලන්න කිව්වා නම් හරි...!
කෝ අපේ හාමුදුරුවෝ..? එක රටක්, එක නීතියක් හදලා ඉවර නැද්ද?
"අරුන් ටික" නම් මහ මෝඩම මෝඩ තකතීරුවෙක්... සරල උදාහරණයක් ගන්නවා නම් අර අල්ලපු රටේ ඉන්න මෝඩ නායකයා වගේ නැත්නම් විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් ඉන්න බෝඩිමකට පනීවිද පහර දෙන්න...? හැබැයි දැන් මේ ඔක්කොම දේශපාලන නරියන්ට ඉන්නේ අපූරු "චණ්ඩි" ටිකක්... දුවන්නේ පණ එපා කියලා. අර බිත්තර කේස් එකෙත් එහෙම නොවැ..! ඒ කරපු දේවල් හරි කියනවා නෙවෙයි... චණ්ඩින්ගෙන් වැඩගන්න හැටි ජේ.ආර්. ගෙන්, ප්‍රේමදාසගෙන් නැතිනම් සැටලයිට්ගෙන් වුණත් ඉගෙන ගන්න පුළුවන්...!
මේකට තමයි කියන්නේ ඉන්න හිතෙන රටක් කියලා....
සතුටුයි සර්.. කිව්වා වගේම හොඳටම කරනවා. බහුතර ජනතාවත් හොඳටම කරන්න බලාගෙන ඉන්නේ ඊළඟ මැතිවරණ වලදී...
අර එතනෝල් චූදිතයා රටින් ගෙනාවේත් මෙයා, කෝ සර්කරපු පරීක්ෂණයට මොකද වුනේ? නායක කකුළුවා ඇදෙට යනවා ගෝලයින් හොඳට යයි..!!!
ඕන එකෙක් ගහගන්න බැරි නම් මරාගත්තත් කමක් නැහැ... මහජනයාගේ සල්ලි වලින් අරගෙන දුවන වාහන මේ අය සෙල්ලම් කරන්න ගන්න ලස්සන... රටක් දියුණු වුණොත් තමයි පුදුමේ...
ඕන්න, තවත් ආරංචියක් හම්බවුණා. ඇමතියාගේ, ගෝලයාගේ මුදල් පසුම්බියේ ඇමෙරිකානු ඩොලර් හා බ්‍රිතාන්‍ය පවුම් තිබිලාලු... ඩ්‍රයිවර් ළඟත් විදෙස් මුදල්... රටේ මිනිස්සුන්ට කන්න ගන්නවත් විදෙස් මුදල් නැතිලු...
සමාජයේ ඉතාමත් ඉහළින්ම ගරු බුහුමන් ලබන ක්ෂේත්‍රයක සිසුනුත් මැරකම් කරන්න පටන් ගත්තා නම් මේක සතුටුවිය හැකි කරුණක් නෙමෙයි. අභ්‍යන්තර ප්‍රශ්න අදාළ අංශ ප්‍රධානීන් හරහා තමයි විසඳන්න ගතයුත් වන්නේ... එහෙම නැතිව දේශපාලන සම්බන්ධකම් නිසා හිස උදුම්මාගෙන මේවගේ පහත් වැඩ කරන එක නෙමෙයි...
රජයේ වාහන පාවිච්චි කරපු අයටත් දැඩි දඬුවම් දිය යුතුයි... රැකියාවෙන් ඉවත් කරන්න.
අනාදිමත් කාලයක සිට පැවත එන අපේ සංස්කෘතික අංගයක් වන ඇමති බලයෙන් ශිෂ්‍ය සංගම් බලය ඇල්ලීම... කාලයක් නැවතිලා තිබුණා. දැන් ආයෙත් ඇවිල්ලා. ඊළඟ නිවුස් එක රැග් එකේ මිනිස් බිල්ල... මේවායේ ඉස්සරහින් ඉන්න අය නම් ඉතින් දේශපාලන සබඳකම් හදාගෙන ගොඩයනවා. අනිත් අය කැම්පස් එකේ නාකි වෙනවා...
මාධ්‍ය කරන්නෙත් සංදර්ශන. දවසකින් දෙකකින් අමතකයි. ඉනික්බිති සියල්ලෝම සතුටින් ජීවත්වූහ....
දේශපාලකයෝ අවතාර වෙලා දැන්!!!