පාස්කු ඉරුදින ප්‍රහාරය පිළබඳ කරුණු සෙවූ ජනාධිපති පරීක්‍ෂණ කොමිසන් සභාවේ වාර්තාව සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ජාතික ආරක්‍ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව අධ්‍යනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කෙරුණු අමාත‍්‍ය මණ්ඩල අනු කමිටුවේ වාර්තාව එහි සභාපති චමල් රාජපක්ෂ මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති කාර්යාලයේදී අද (5) පස්වරුවේ බාරදෙනු ලැබීය.
මෙම කැබිනට් අනුකමිටුව ජනාධිපතිවරයා විසින් පසුගිය පෙබරවාරි මස 19 වැනිදා පත් කරනු ලැබීය.
කමිටු වාර්තාව මාර්තු 15 වැනි දාට පෙර ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණ ද වැඩිපුර විමර්ශන සඳහා කමිටුව තවත් සති දෙකක කාලයක් ලබා ගතතේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd