
(ප්‍රියන්ත දසනායක)
අකුරැස්ස නිල්මැණිගම ප්‍රදේශයේ පියා හා මව එක්ව ගලවමින් තිබූ කටුමැටි බිත්තියක් එක්වර කඩා වැටී කුඩා දරු තිදෙනායට වීමෙන් එක් දරුවකු එම ස්ථානයේදීම මියගොස් කුඩාම දරුවා ඉතාම අසාධ්‍ය තත්ත්වයක් කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව අකුරැස්ස පොලීසිය කියයි.
මේ අනතුරින් ගල්හේන කණිටු විදුහලේ 3 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි ඩී.එස්.සසිත් නිම්සර (අවු 8) සිසුවා මිය ගොස් ඇත.
අනතුරින් බරපතළ ලෙස තුවාල ලබන්නේ ඩී.එස. හසීන් තිසරු (අවු 5) පුතු වන අතර තුන් හැවිරිදි දියණිය තුවාල නොලබා දිවි බේරී ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd