
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රාජ්‍ය ආයතන වලින් ඉවත් කරන ලද වාහන අලුත්වැඩියා කොට නැවත භාවිතයට ගන්නැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නියෝග කර තිබෙන බව මහාමාර්ග අමාත්‍ය සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී අද (4) පැවසීය.
දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඒ කාර්යය කරන්නේ නැතිනම් තමාට වාර්තා කරන ලෙස මුදල් ඇමැතිවරයා දැනුම් දී ඇතැයිද ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
රාජ්‍ය ආයතනවල වාහන බොහොමයක් දිරාපත් වෙමින් තිබෙන බැවින් මේ ගැන ක්‍රියාමාර්ගයක් ගත යුතු නොවේදැයි සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහාමාර්ග අමාත්‍යවරයා මේ කරුණු සඳහන් කළේය.
ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ ගෝඨාභය ජනපති බලයට පැමිණි සැනින් ජනාධිපතිවරයාට අයත් වාහන සංඛ්‍යාව ද බෙහෙවින් අඩු කළ අතර නාස්තිය, දූෂණය අඩු කිරීමට කැප වූ බවයි.අබලන් බස්රථ මෙන්ම ගිලන් රථ අලුත්වැඩියා කරන අතර ඒවා අලුත්වැඩියා කිරීමේ මධ්‍යස්ථානයක් ද ස්ථාපිත කළ බව ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ආයතන ප්‍රධානීන්ට වෙන වැඩ තියෙනවා අනෙක ආයතන මට්ටමින් ඕවා අලුත්වදියව සාර්ථක වෙන්නේ නැ. වියදම් විතරයි.
අන්න ඔය හදන වාහන බදු නැතුව මන්ත්‍රීලාට අවරුදු තුනෙන් තුනට දුන්නත් කමක් නැහැ.
ඔය ආයතන ප්‍රධානීන්ට වෙන වැඩ තියෙනවා. ලේකම්ලට අහිංසක පොලිස් නිලධාරීන් මාරු කරන්න වගේ ,නිකන් මතක් වෙච්ච එකක් කිව්වේ.
ඒ කියන්නේ ඔය වගේ අය ගැන නේද. වැඩක් නෑ.
ආණ්ඩුවට සල්ලි තියනවා කිව්වෙ ?..