(අංජුල මහික වීරරත්න)

අපි අධිකරණයට  කැඳවුවා කියා ආණ්ඩුවේ වංචාවල් වහගන්න බැරි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක  පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

 ගල් අඟුරු වංචාව, කන්ටේනර් පැන්නීම වහගන්න ආණ්ඩුවට හැකියාවක් නැතැයිද මන්ත්‍රීවරයා කීය.

මන්ත්‍රීවරයා  මේ බව ප්‍රකාශ කළේ කොලඹ දී මාධ්‍යයට ප්‍රකාශයක් ලබා දෙමිනි.

"කාලිංග විශ්ව විද්‍යාලයෙන්  මට ආරාධනා කරලා තිබුණා විශේෂ දේශනයකට. ඉතින් මමත් අපේ මන්ත්‍රී කණ්ඩායමක් විශ්ව විද්‍යාලයට සම්බන්ධ වෙලා දේශනය කරලා ආවා. ඉතින් මෙහේ සමහර අය කලබල වෙලා. යම්කිසි කෙනෙක්ට දේශනයක් දෙන්න විශ්ව විද්‍යාලයකට ආරාධනා කළාම කලබල වෙන්න ඕන නෑ. ඒ නිසා ඉතින් ඒ අයට කියන්න ඕන මේක පළවෙනි දේශනයක් නෙවෙයි තව ඉස්සරහට  තව යන්නත් තියෙනවා. මට ලැබෙන පිළිගැනීමද, තවත් කෙනෙක්ට ලැබෙන පිළිගැනීමද හොයනවට  වඩා ආණ්ඩුව ආපු කාරණය කරගන්න බැරි උන නිසා තමයි කලබල වෙලා තියෙන්නේ යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.