
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු බෝම්බ, පතරොම් සහ යුද හමුදා කැලෑ ඇඳුම් තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එම සැකකරු සමග විදේශීය රටක නිෂ්පාදිත එස එෆ් ජි 87 වර්ගයේ අත් බෝම්බයක් හා ,7.62 එම් එම් ප්‍රමාණයේ පතුරුම් අටක් , ටි 56 ගිනියම් සඳහා යොදන පතුරුම් ගැබ්රඳවනයක් , ටි 56 අවි පටිඑකක් , යුද හමුදා කැලෑ නිල ඇඳුම් කීපයක් , යුද හමුදා ලෙන්යාඩ් , කැමා තොප්පි බඳපටිය ඇතුළු යුද හමුදා නිල ඇඳුම් ආයිත්තම් කීපයක් පොලිස් භාරයට ගෙන ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාරිජ අපරාධ විමර්ශන අංශ තුනෙහි රඳවාගෙන ප්‍රශ්න කරන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කේ මන්දිනු පත්ම සිටි පෙරේරා නොහොත් කෙහෙල් බද්දර පත්මේ නැමැති සැකකරුගෙන් අනාවරණ වූ තොරතුරු සැකකරු දෙහිඅත්තකණ්ඩිය මුරුත ගස් පිටිය ප්‍රදේශයේ නිවසකදී මෙම බෝම්බ පතරම් සහ යුද හමුදා කැලෑ ඇඳුම් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd