
(චාපා මධුභාෂිණී)
ජනතා විමක්ති පෙරමුණේ 50 වන අප්‍රේල් විරු සමරුව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හිඟුරකගොඩ පුලතිසි තාරුකා මණ්ඩපයේදී අද (5) සවස පැවැත්විණි.
“ සදා සමරමු සොහොයුරෝ” මැයෙන් විරුවන්ට පුෂ්පඋපහාර දක්වීම ඒදින සිදු කරන ලදි.
ඒදින මෙම විරු සමරුවට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ප්‍රධන ලේකම් ටී.බී සරත්, කවුඩුලුවැව ගොවි පදනමේ සභාපති කේ.ජි අශෝක කරුණාසේන, හිගුරක්ගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්වන ඒ.ජී ජයරත්න, සමන් කුමාර මහතා ඇතුළු බොහෝ දෙනෙක් ඒක්ව සිටියහ.
මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණු ක්‍රියාකාරීහු 1000ක ආසන්න පිරිසක් එක්ව සිටියහ.
අප්‍රේල් විරුවන්ගේ ගුණ සමරා ජනතා විමුක්ත පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා මල් කලඹක් තබා පූෂ්පෝපහාර දැක්වීම.
71 දශකයේ සිට මේ දක්වා ජනතා විමුකති පෙරමුණේ ක්‍රියකාරින් විරුවන්ට පුෂ්පෝප හාර දැක්වීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විරුවෝ සිහිකරනවා කියලා අපේ අය හැමදාමත් කලේ යම්කිසි පිළිරුවකට මල් කළඹක් පුදන එක විතරයි. නමුත් ඇත්තටම සිදුවිය යුත්තේ අප සිහි කරන විරුවාගේ යහ ගුණ දම් රකින ගමන් ඔහු පෙන්වූ මාවතේ ගමන් කිරීමයි. එය තමයි ඔහු වෙනුවෙන් අපිට කරන්න පුළුවන් උපරිම ගෞරවය. ඒ පැත්ත නොසලකා මල් කළඹකින් සිදුකල හැකි ගෞරවය කුමක්ද??
ලෝකයාට පෙන්නන්න බොරු කරනවා. මෙයාට කිසි අයිතියක් නැහැ විරු සමරුවට. 88/89 කාලෙ මිය ගිය අය වෙනුවෙන් මොනවද කරල තියෙන්නේ? රනිල් එක්ක එකතුවෙලා රාජපක්ෂලා පස්සේ පන්න පන්න හිටියා- පාක්ෂිකයන් -රට අමතක කලා. පාක්ෂිකයන් ඝාතනය කළ අයත් සමඟ එකතු වෙලා අදටත්. විජේවීර ගොඩ නගපු පක්ෂය ධනපතියන්ට පාවලා දුන්නා
මේක මහා ප්‍රෝඩාවක් වගේම බොරු සැමරීමක්. ඒ මොකද අරගල වෙනුවෙන් මැරුණු සහෝදර සහෝදරියන් වෙනුවෙන් උපහාර දැක්විය යුතු වුවත් දැන් ඉන්න ජවිපය නායකයන්ගෙන් ඒ දේ සිදුවීමට මම විරුද්ධයි. ඒ මොකද අරගලයට සහෝදර, සහෝදරියන්ව උසිගන්වා පසෙකට වෙලා හැංගිලා ඉඳන් තමන්ගේ ජීවිත බේරන්, ධනවාදී මාවතක යන වර්තමාන ජවිපයේ නායකයින්ගෙන් ඒ දිවි පිදූ අය උපහාර ලැබීම ඔවුන්ගේ මළගිය ආත්මයටද කරන අගෞරවයක්...
අපිත් ඡන්දෙ කාලෙට සමරනවා. එකේ ප්‍රතිඵලය තමයි ඔහෙලා දැන් භුක්ති විඳින්නේ.