(යොහාන් භාසුර)
ගෝලීය ආර්ථික අර්බුදයත් තිබුණ ද මෙරට අපනයන ආදායම සියයට 31 කින් වර්ධනය කරගත හැකි වූ බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
පසුගිය වසරේ (2020) ජනවාරි සිට මැයි දක්වා භාණ්ඩ අපනයන ආදායම සමඟ සැසදීමේදී මෙම වසරේ (2021) ජනවාරි සිට මැයි දක්වා කාල සීමාව තුළ සියයට 32.6 කින් වර්ධනය කරගත හැකිවූ බවත් 2020 ජනවාරි සිට මැයි දක්වා කාල සීමාවේ පැවති සේවා අපනයන ආදායමට සාපේක්ෂව පසුගිය මැයි මස වන විට සියයට 27.3 කින් වර්ධනය කරගත හැකි වූ බවත් වෙළෙඳ අමාත්‍යවරයා පැවසීය.
අමාත්‍යවරයා පැවසුවේ මේ වසරේ ජනවාරි සිට මැයි මස දක්වා සමස්ත අපනයන ආදායම සියයට 31 කින් වර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සමත් වූ බවත් තවදුරටත් අපනයන ක්ෂේත්‍ර සංවර්ධනය කිරීම සඳහා විශේෂඥයින්ගේ දැනුම ද උපයෝගී කරගනිමින් ඉදිරියේදී අපනයන සංවර්ධන සැලැස්ම යථාවත් කිරීමට කටයුතු කරන බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2020 වසරේ මාර්තු සිට...
හුරේ ජයවේවා!!! බැසිල් ආගමනය යහපත් බවට ලකුණක්... කබ්රාල් කියන්නෙ ඇත්ත. ලඟදීම ආනයන සීමා ඉවත්වේවි...! වාහන ගෙන්වාවි. බංග්ලාදේශයෙන් ගත්ත ණය ගෙවන්න හැකි වේවි...
මෙයා බොරු කියන්නේ නැහැ. බොරු පිඹිනවා.
හොඳට කරනවා කියලා තමයි... කයිවාරුව... ඒ වුණාට මිනිස්සු වැඩි හරියක් බඩගින්නේ අඬ අඬා දුක්විඳින රටක් වෙලා...
පොහොර ටික ගේන්නවත් ඩොලර් නැති අතරේ මෙයා අපනයන වැඩි උන බයිලා කියවනවා!!!
එජාප ආණ්ඩුවට රිංගලා කාලයක් හිටියා. දැන් මේ ආණ්ඩුවට රිංගගෙන, මේ ආර්ථික විශේෂඥයෝ තමයි රට විනාශ කළේ...
ඔක්කොම මෙයාගේ සුරංගනා කතා...
රට වහලා අපනයන අඩුවෙන් කරපු කාලයත් එක්ක සැසඳුවාම හරි කියලා හිතන් ඉන්නේ..
ආර්ථික ඔස්තාර් කෙනෙක්නේ, ආයේ කියන්න දෙයක් නැහැ... ෂුවර් එකටම හරි ඇති. මීට කලිනුත් කොයිතරම් දේවල් කිව්වයි කියලාද? සක්කරයාගේ පුතා වයිමා ආවත් බඩු මිළ වැඩිකරන්ඩ බැහැ කියලත් කිව්වනේ...
මෙයා නම් මෙයාගේ දෙමව්පියන් මතක් වෙන කතාවක් කොහොම හරි කියනවා...
විදේශ අපනයන 31%කින් ඉහළ ගියා නම් කොහොමද සර් විදේශ සංචිත අඩුවුණේ... බරපතල ලෙස..?
බන්ධුල, මහරගම පැත්තේදී ඔහේගේ සෙකුරිටි කුක්කන් නැතිව තනිවම ඇවිල්ලා අහුවුණොත් හමගහනවා. ඇහේ ඉඳන් පට්ට ගහනවා..