( සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
එළවලු හා පලතුරු මෙට්‍රික්ටොන් දෙලක්ෂ හැත්තෑ දහසක් පමණ විවිධ හේතු මත අපතේ යෑමෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට වසරකදී රුපියල් කෝටි දෙදහසකට වැඩි පාඩුවක් සිදු වන බව රජයේ ගිණුම් පිළිබ ඳ කාරක සභාවේදී ( කෝපා ) තොරතුරු අනාවරණයට විය
එම කාරක සභාව එහි සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්විය.
ශ්‍රී ලංකාවේ එළවලු හා පලතුරුවල අස්වනු හානිය 30-40 % ප්‍රමාණයක් බව ජාතික විගණන කාර්යාලය 2015 වසරේදී කළ විගණනයේදී පෙනී යන බව කෝපා කමිටුව පවසයි.
ශ්‍රී ලංකාවේ වැඩිහිටියන්ගේ 73% ක් පමණ පමාණවත් පරිදි එළවලු හා පලතුරු පාරිභෝජනය නොකරන බවත් වයස අවුරුදු 5 ට වඩා අඩු දරුවන්ගේ මන්දපෝෂණ මට්ටම ද 21% ක් පමණ බව බවත් එම වාර්තාව හෙළි කර ඇතැයි අනාවරණය වී ඇතැයි එහිදී පැවසීය.
එමෙන්ම කෘෂිකර්මයේ සමස්තය ආවරණය වන පරිදි සකස් කළ සම්මත කෘෂිකර්ම ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකාවට නොවන බවද රජයේ ගිණුම් කාරක පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාගේ වැරැදිද? අපේ රටේ එදා වේලවත් කන්න නැති අන්ත අසරණ දුප්පතුන් කොයිතරම් ඉන්නවද? නිසි කළමනාකරණයක් නැතිකම මිස වෙන මොනවද?
මේ අපතේ යන එළවලු පලතුරු වලින් හොඳ බීමක් හදාගන්නත් පුළුවන් නේද?