
(අංජුල මහික වීරරත්න)
අප සියලු දෙනාටම එකතු විය හැකි පදනම අද වන විට බොහෝ සේ තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
විපක්ෂ නායකවරයා මේ බව කීවේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුව දුක් බැලීමට අද(26)පස්වරුවේ ගොස් ආපසු එන ගමනේදීය.
"අපේ ගමන ක්‍රියාත්මක කරන්නේ හුදෙක් දේශපාලන ලාභ ප්‍රයෝජන තකාගෙන නොවේ.ප්‍රතිපත්තිමය කරුණු කාරණා මත රටේ ප්‍රශ්න වලට විසැඳුම් ලබාදීමේ අරමුණින් අප එකමුතු භාවයන් ඇතිකර ගන්නවා.
වැදගත් වන්නේ නියෝජ්‍ය නායක ද? නායක ද? අගමැති ද? ජනාධිපතිද? යන කාරණාා නොවේ.අප රටේ දැන් ක්‍රියාත්මක වන මිනීමරු සංස්කෘතිය නතර විය යුතුයි යනුවෙන් විපක්ෂ නායකවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට කෙල වෙච්ච වෙලාවක එකතු වෙන්න බැරි උණාට පාදඩ දේසපාලුවෙකුට කෙල වෙනකොට රැලම එකතු වෙන අපූරුව. මුන්ගේ වෙස් මුහුණ ගැලවීමට මාලිමාවට ඡන්දෙ දුන් එක ගැන සතුටුයි. අනික රනිල්ගේ තියෙන ලෙඩ ටික හඳුනා ගැනීමට අවස්ථාව සලසා දීම සම්බන්ධයෙන් රනිල්ගේ ගැත්තෝ ටික මාලිමාවට පින් දීපල්ලා.
මිනීමරු සංස්කෘතිය, ප්‍රේමදාස, හම්ම් ....
කව්ද බොලව් මේ අසරණයගෙ ඔලුවට පොල්ලකින් ගැහුවේ!
මේ යෝදයගෙ බැටරි වයර් මාරැ කරල හයිකලේ කව්ද යකෝ?
අම්මපා ඇත්ත, ඔහෙල ඔක්කොටම වැලිකඩ බෝඩිමේ එකතුවෙන්න පදනම වැටිලා.
පියාණෝ බලයේ හිටපු කාලේ රටේ පැවති තත්ත්වය ගැන පුතාණෝට මතක නැතුවා.දූෂිත.දේසපාලුවෝ සෙට් එක එකට එකතු වෙන්ඩ හදන්නේ දූෂන වලින් බේරෙන්ඩ මිසක් හොඳකට නම් නෙවෙයි.
නායකය කව්ද කියල තීරණය කරනකොට තමයි ප්‍රශ්නයෙ මුලටම යන්නෙ හා නැද්ද සජිත්
මිනිමරු සංස්කෘතිය . තමුන්ගෙ පියාගෙ කාලෙ ඉදන් ලාමක ටින්ටින් ඒ කාලෙ හරිම බිහිසුනු රටක්. පියාට උගත්කමක් නැතිනිසා එයාට ඉහලින් යන හැම කෙනාවම මරන්න අන කෙරුවා . නූගත් මිනිස්සු වටේ තියාගන රට කෙරුවා . අන්තිමට ඔහුත් ගියෙ ඒ වටේ හිටපු නූගතෙක් නිසා . බල්ල මරපු හන්දිය කිව්වමකවුරුත් දන්නව. ඔය නඩේ එකතුවෙන්න දෙයක් නැහැ. මරා ගත්තට එලියට ආවම ගජ යාලුවො දැන් වෙන්න ඕන මහ ජනතාව අනුර කුමාර ජනාධිපතිව ආරක්ශා කර ගන්න ඕන. කෙහෙල් වත්තෙ නූගත් ලැවරියන්ගෙන්. ජනතව කොහොමත් පදමට අල්ලා ගනියි
එක අත්තේ වහන්නේ එක වගේ කුරුල්ලො. UNP, SJB, SLFP, SLPP…
පදනම හදාගෙන, පදනමේ නායකයාවත් තෝරගෙන කියන්නකෝ, චන්දෙ දෙන එක සලකලා බලන්න.
එතකොට වෙන් උනේ අපිද ?
නැතුව බෑ … නැතුව බෑ … එකතු වෙන්නම ඕන.
ඔයාලගේ ගමන දැන් බලලා ඉන්නේ සුද්දා රට අතඇරපු දවසේ ඉඳන්… ඔය කතා කරන්නේ කටින්ද ? ඔයගෙ තාත්තගෙ කාලේ තමයි මිනී මරු දේශපාලනය පටන් ගත්තේ… ඔයාට මෙලෝ ලජ්ජාවක් නැහැනේ ?
ඔය එකතු වෙන අයගෙන් සියට අනූ නවයක්ම හිරේ යන්න ඕන අය. රට ගැන හිතල එකතුවෙලා ජනතාවට හොදක් කරන්න අවස්ථාවල් මේ රටේ ඕන තරම් තිබුන, එතකොට කොහෙද ඔයාල හිටියේ.
ඒක තමයි ඉතුරු වෙලා තියෙන එකම ඔප්ෂන් එක, රෑට එකට හොරකමේ යන එවුන් දවල්ට බොරුවට රංඩු කරන බව අපි දන්නවා.දෙකට තුනට බෙදිලා රැගුවට කවදා හරි හොරුන්ට මිනීමැරුවන්ට හා දුෂකයන්ට එකට එකතු වෙන්න සිදුවෙන බව අපි දන්නවා,
හොඳායි...අපි දැන් මෙයාව "ශ්‍රී ලංකා පදනම් ආයතනයේ" සභාපති හැටියට පත්කරගමු !!!