(ෂේන් සෙනෙවිරත්න)
මීට පෙර මෙරට බලයට පත්වූ රජයන් ක්‍රියාත්මක කළ දින 50,100 මාස 06, අවුරුද්ද වැඩසටහන් මෙන් නොව ජාතික ජන බලවේගයේ වැඩසටහන අඛණ්ඩව දිගටම කරගෙන යන බව ජාතික ජන බලවේගය මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෞඛ්‍ය සහ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසයි.
වත්මන් ජාතික ජන බලවේගය රජය ඕවර විස්ස තරඟ රටාවෙන් බැහැරව තරඟ කිරීමට බලාපොරොත්තු වන්නේ ටෙස්ට් තරඟයක් බවත් එම තරග රටාවේදී සියලු පන්දුවලට පිත්ත නොදාන බවත් ගහන හැම පහරකටම ලකුණු කරා දිව නොයන බවත් විජේමුණි මහතා වැඩිදුරටත් පැවසීය.
ඒ මහතා මෙම අදහස් පල කර සිටියේ මහනුවර දී ජාතික ජන බලවේගය පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසක් අමතමිණි.
එහිදී ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ තම මන්ත්‍රී ධූර කාලය වසර පහක් හෝ ඊට අඩුවිය හැකි බවත් එහෙත් ජාතික ජන බලවේගය රජය තවත් වසර 10-15 කට එහා කාලයක් එම තරඟය ක්‍රීඩා කරනු ඇති බවයි.
වත්මන් ජාතික ජන බලවේගය රජය වෙනත් පක්ෂ සමග සන්ධාන ගත නොවී උතුරු නැගෙනහිර පවා ජයග්‍රහණය කිරීමට හැකි වීම විශේෂත්වයක් බවත් එම ජනතාවගේ සිහින හා අභිලාෂයන් පාර්ලිමේන්තුව තුළ නියෝජනය විය යුතු බවද වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවසීය.
මෙම ජයග්‍රහණය තනි පක්ෂයක් ලැබූ ලංකා දේශපාලන ඉතිහාසයේ ඉහළම ජයග්‍රහණය බවද ඒ මහතා අවධාරණය කළේය.
මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ විශාල කඩා වැටීම තිබෙන බවත් එය පුද්ගල ක්‍රියාකාරකම් හේතුවෙන් ඇතිවූ කඩා වැටීමක් නොවන බවත් මෙරට සෞඛ්‍ය පද්ධතිය කාලයක් තිස්සේ යාවත්කාලීන නොවීම හේතුවෙන් ඇතිවූ කඩා වැටීමක් බවද ඒ මහතා කීය. අවිධිමත් කාර්යක්ෂමතාවයක් නොමැති ආයතනයක් බවට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පත්ව ඇති බවත් එය විධිමත් ආකාරයට යාවත්කාලීන විය යුතුව තිබෙන බවද වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවසීය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
අපි ගහන්නේ විස්සයි 20 මැච් එකක් නොවේ
pj Monday, 30 December 2024 05:09 AM
හලෝ.. පම්පෝරි ගහන්න පෙර රටේ ණය කළමණාකරණයට ප්‍රමුඛස්ථානය නොදුන්නහොත් යන්න හොම්බකුත් නැතිවෙයි.
dushmantha seneviratne Sunday, 12 January 2025 09:20 AM
ඔව් සර් අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ හොඳ පිරිසිදුකමක්. සෑම රටකම ජීවත් වීමට කැමතියි, වාසනාව