
(අංජුල මහික වීරරත්න)
මාධ්‍යවේදීන්ට, සමාජ ක්‍රියාකාරීන්ට වත්මන් රජය යටතේ අඳුරු යුගයක පෙරනිමිති පහල වෙමින් තිබෙන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අද (16) ප්‍රකාශ කළේය.
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට පසුගිය දා එල්ල වූ ගල් මුල් ප්‍රහාරයෙන් හා සමාජ ක්‍රියාකාරිකයෙකු වූ ෂෙහාන් මාලක අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලියෙන් පැහැදිලි වන්නේ අඳුරු යුගයක සෙවනැලි මතු වෙන බව ද විජයවර්ධන මහතා කීවේය.
එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද (16) පෙරවරුවේ හමුවූ අවස්ථාවේදී නියෝජ්‍ය නායකයා කීවෙි රට දිනෙන් දින අගාධයකට ගමන් කරමින් සිටින අතර ආණ්ඩුවේ අකාර්යක්ෂමතාවය හෙලි කරන පුද්ගලයන් බිය ගැන්වීමේ නීච වැඩපිළිවෙලක් මේ වන විට ක්‍රියාත්මක වන බව බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාලා කිරි කළ හතෙන් නාපු ශුද්ධවන්තයො නේහ්.?......... අනේ මොකටද මගෙ කට. කෝ බලංට ඕක කියාපු කට.... රුවං බබෝ.
රිචඩ් දී සොයිසා මොනවා කරපු කෙනෙක්ද ඔහු පසුපස දිව්වේ කවුද ?
ඔව් ඔව් අඳුරු යුගය පටන් ගත්තෙත් 77න් පස්සේ.. ඒකට මූලික වුණෙත් ජේ.ආර් ලා... මම දැන් බබා ඒවා මුකුත් මට මතක නැහැ.
මාධ්‍යවේදී රිචඩ් ද සොයිසා පරලොව ගිය කාලයේ සමහර විට ඔබතුමා ඉපදිලා නැතිව හෝ ඉතා කුඩා අවධියේ වෙන්න ඇති. ඒක ගැන මතකයක් නැත්තේ ඒ නිසයි.