
(බී. ජී. චතුරංග)
තිරප්පනේ උට්ටිමඩුව ප්රදේශයේ, පල්ලංකූලමවැව ආසන්නයේ කහපත්විල ගම්මානයේ අක්කර පහක පමණ භූමි ප්රමාණයක අනවසරයෙන් සකස් කර තිබූ බඩඉරිඟු හේනක් වටා අටවා තිබූ බඳින තුවක්කු 20ක් සහ මර උගුල් (මදු) 121ක් සොයා ගත් බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
තිරප්පනේ වනජීවී නිලධාරී කාර්යාලය සිදු කළ වැටලීමකදී මෙම භාණ්ඩ සොයාගෙන තිබුණි.
එක් වගා බිමක් තුළ අටවා තිබියදී එක් දිනක දී , සොයා ගත් වැඩිම බඳින තුවක්කු හා මර උගුල් ප්රමාණය මෙය බව, උසස් වනජීවී නිලධාරියෙක් මෙහිදී ප්රකාශ කළේය.
මේ සම්බන්ධයෙන්, කහපත්විල ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 36ක පුද්ගලයකු සහ වයස අවුරුදු 50ක පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර මොවුන් හේන් ගොවිතැන් සිදු කරන මුවාවෙන් කාලයක් තිස්සේ, මහා පරිමාණයෙන් දඩ මස් ජාවාරම සිදු කරගෙන ගිය පුද්ගලයන් බවට සැක කෙරෙන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd