
(චාපා මධුභාෂීණී)
මැදිරිගිරිය අයි.ඕ.සී ඉන්ධන පිරවුම්හල අසලින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දෙසට දිවෙන මාර්ගය යකඩ බට දමා අනාරක්ෂිතව වසා දැමීම නිසා රාත්‍රිකාලයට ගමන් කරන යතුරුපැදිකරුවන් අනතුරට ලක්වන බව නගර වාසීහු කියති.
යතුරුපැදියක ගමන් ගත් දෙදෙනකු ද පෙර දින රාත්‍රි එම යකඩ බටයන්හි ගැටී අනතුරකට පත්ව ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.
අනතුරෙන් යතුරුපැදියේ පිටුපස ගමන් ගත් පුද්ගලයාගේ තත්ත්වය තරමක් බරපතල වන අතර පැදිකරු සුළු තුවාල ලබා ඇතැයි ආරංචිමාර්ග කියයි.
දින ගණනාවකට පෙර ඉන්ධන පිරවුම්ලෙන් ඉන්ධන ලබා ගැනීමට පැමිණී පිරිසක් මෙම මාර්ගය අවහිර වන පරිදි වාහන ගාල් කිරීම හේතුවෙන් රෝහලේ කාර්යය මණ්ඩලය අපහසුතාවයට පත්වන බව පවසමින් රෝහලට, පොලිසිය සහ ප්‍රාදේශීය සභාව විසින් මෙම මාර්ගය වසා දැමීමට කටයුතු කර තිබුණී.
මාර්ගය වසා දැමීමට කටයුතු කළද වසා ඇති බවට කිසිදු නාම පුවරුවක් හෝ රාත්‍රියට විදුලි පන්දකමක් හෝ සවිකර යුතු බව ප්‍රදේශවාසීහු චෝදනා කරති.
2025 නොවැම්බර් මස 04
514
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2249
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1682
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අනාරක්ෂිත පාර වැසිල්ලෙන් නගර වාසීහු අනතුරේ