
( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
දේශපාලන පළිගැනීම් සොයා බැලීමේ කොමිෂන් සභාව මගින් තමන්ට එරෙහිව කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීම අහෝසි කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතා අද (24) අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කළේය.
තමන්ට එරෙහිව කොමිෂන් සභාව කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීම වළක්වාලන. අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් , අදාළ නිර්දේශ බලශූන්‍ය කරන නියෝගයක් නිකුත් කරන ලෙසද අනුර කුමාර දිසානයක මහතා අධිකරණයෙන් ඉල්ලා සිටී.
මෙහි වගඋත්තරකරුවන් ලෙස දේශපාලන පලිගැනීමේ කොමිෂන් සභාවේ සභාපති උපාලි අබේරත්න , එහි සාමාජිකයන් වන චන්ද්‍රා ප්‍රනාන්දු , චන්ද්‍රා ජයතිලක , අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
(ඡායාරූප ගයාන් අමරසේකර)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි බයද? කෑ ගහන්නේ නම් වීරයෝ වගේ අයත් ඔය කියන කොමිසමේ සාමාජිකයෙක්නේ...
රාජ පක්ෂයේ අයවැය හදන එකයි, පෙත්සම් ගහන එකයි හැරුණාම මොනවද කරන්නේ ඇත්තටම...?
නායකයා බුද්ධිමත් වුවත් හෙන්චයියන්, අනුගාමිකයන් ගොන් බඳින කණු යන කියමන මොනතරම් අද සමාජයට සත්‍යක්ද යන්න මෙමගින් මනා ලෙස පැහැදිලි වෙනවා නොවේද...? විජේවීර උන්දැ අද ජිවතුන් අතර සිටියා නම් මෙවන් දියබරියන්ට කුමක් වේද යන්නවත් සිතා ගැනුමටවත් අපහසුය.
ඒ වීරොධාර අද්විතීය ජීව ගුණයන්ගෙන් හෙබි අදීන, නොකැළැල්, ගෞරවනීය නායකයාගේ උතුම් දර්ශනය හෑල්ලුවට ලක් කළා...
අරලියගහ මන්දිරේට වෙලා පහුගිය අවුරුදු 5දී මෙයාට මතක්වුනේ නැත්ද? 88-89 කාලේ මරලා දාපු පාක්ෂිකයින්ට වන්දියක්වත් අරන් දෙන්න. පාක්ෂිකයින් 60000ක් ඝාතනය වූ එකට මෙයා මොකද කරලා තියෙන්නේ...? බඩ වඩා ගත්තු එක විතරයි. මෙයාගේ විදෙස් වත්කම් කොයිතරම්ද? හෙළි කරන්න.
රනිල් වික්‍රමසිංහගේ පදයට නටමින් එවකට අරලිය ගහ මැදුරේ ඉඳිමින් රට විනාශ කිරීමට හවුල් වූ එන්.ජී.ඕ. මුදල්වලින් යැපෙන මෙවන් අයට දඬුවම් ලබාදිය යුතුයි.
විජේවීර උන්දෑ අද ජීවතුන් අතර සිටියා නම් උන්දෑ තවත් ලේ සැලෙන විප්ලව කරලා මේ ගොයියන්ටත් ඔලු කණුවල හිටවලා තමයි නවතින්නේ. ඇති මිනිහා හීන් කෙඳිරියක් එක්ක ගියා..
රටට වැඩකුත් නැහැ. කරන දේකුත් නැහැ. කවදාවත් බලයට එන්නත් බැහැ.
පට්ට හොරුන්ටම තව උස්සලා අල්ලන්න රවීන්ද්‍ර... ඔයා නම් නියම බයියෙක්..