(ඉන්දිකා රාමනායක)
අන්තවාදීමත පැතිර වීම,මුදල් රැස් කිරීම,සහ පාස්කු ප්‍රහාරය සාධාරණී කරණය කිරීම ඇතුළු අන්තවාදී කටයුතු සම්බන්ධයෙන් පුද්ගලයෝ දෙදෙනෙක් මාතලේ සහ මඩකලපුව ප්‍රදේශයේ දී ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
මාතලේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් 46 හැවිරිදි සැකකරු එක්සත් අරාබි රාජ්‍යයෙන් පිටුවහල් කළ අයකු බවත් ඔහු එරට දී මුදල් එක්රැස්කිරීම, අන්තර්ජාලය ඔස්සේ අන්තවාදය පැතිරවීම අන්තවාදය සම්බන්ධයෙන් දේශන පැවැත්විමේ කටයුතු සම්බන්ධයෙන් මොහුව අත්අඩංගුවට ගෙන තිබිණි.
මඩකලපුව ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් සෙසු සැකකරු සහරාන් හෂීම් නැමැත්තාගේ සමීපතමයකු බවත්, මොහු පාස්කු ප්‍රහාරය සාධාරණීකරණය කරමින් අන්තර්ජාලය ඔස්සේ විවිධ මත පළ කර ඇති බවද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd