
(රෝෂන් තුෂාර)
අයි.එස්.අයි.එස් විදේශීය අන්තවාදී ත්‍රස්ත සංවිධාන මෙරට ව්‍යාප්ත කිරීමට දායක වෙමින්, ඊට මුදල් ආධාරය ලබා දුන්නේ යැයි කියන සැකකරුවන් 15 ක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා ඉදිරියේ පැමිණිලි 15ක් ගොනු කළ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය (17) පැවසීය.
මෙම සැකකරුවන් අතරින් ඇතැම් සැකකරුවන්ට පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කොට ඇති බවත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වැඩිදුරටත් කරුණු දක්වමින් පැවසීය.
අල් කයිඩා හා අයි,එස්, අයි.එස් ත්‍රස්ත සංවිධාන වල දේශනාවලට සහභාගිවීම, එම ත්‍රස්ත සංවිධාන වලට මුදල් සැපයීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කරන බව පැවසීය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා විමර්ශන ප්‍රගතිය කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට නියෝග නියෝග කළේය.
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අන්තවාදී සංවිධාන ගැන පැමිණිලි 15ක් අධිකරණයට
Deshabandu Saturday, 18 October 2025 09:16 AM
මොවුන් වැනි විනාශකාරී, ත්‍රස්තවාදී සංවිධාන විනාශ කර, මුලිනුපුටා දැමිය යුතුයි.
සුදු ඇඳගෙන කලු ඇවිදින් Saturday, 18 October 2025 11:03 AM
සමහර ආගම්වල තියෙන පොදු සමාජ සහජීවනයට අභියෝගවන මූලධර්ම ඉගැන්වීම් අන්තවාදයට මග පාදනවා. ඒවා වෙනස් නොකර මොන විසඳුම් හා විකල්ප ඉදිරිපත් කලත් සාර්ථක වෙන්නේ නැහැ.
fairoos Saturday, 18 October 2025 03:33 PM
ඉස්සර හිටපු ආණ්ඩු වගේ නැතිව මේ අයට NPP ආණ්ඩුවෙන් නිසි දඩුවම් ලැබේවි.
මම Saturday, 18 October 2025 08:21 PM
තමන් කැමති ආගමක් ඇදහීමට වගේම, ආගමක් ඇදහීමෙන් වැලකී සිටීමටත් නිදහස තිබිය යුතුයි..