
(රෝෂන් තුෂාර)
අයි.එස්.අයි.එස් විදේශීය අන්තවාදී ත්‍රස්ත සංවිධාන මෙරට ව්‍යාප්ත කිරීමට දායක වෙමින්, ඊට මුදල් ආධාරය ලබා දුන්නේ යැයි කියන සැකකරුවන් 15 ක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා ඉදිරියේ පැමිණිලි 15ක් ගොනු කළ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය (17) පැවසීය.
මෙම සැකකරුවන් අතරින් ඇතැම් සැකකරුවන්ට පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කොට ඇති බවත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වැඩිදුරටත් කරුණු දක්වමින් පැවසීය.
අල් කයිඩා හා අයි,එස්, අයි.එස් ත්‍රස්ත සංවිධාන වල දේශනාවලට සහභාගිවීම, එම ත්‍රස්ත සංවිධාන වලට මුදල් සැපයීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කරන බව පැවසීය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා විමර්ශන ප්‍රගතිය කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට නියෝග නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන් වැනි විනාශකාරී, ත්‍රස්තවාදී සංවිධාන විනාශ කර, මුලිනුපුටා දැමිය යුතුයි.
සමහර ආගම්වල තියෙන පොදු සමාජ සහජීවනයට අභියෝගවන මූලධර්ම ඉගැන්වීම් අන්තවාදයට මග පාදනවා. ඒවා වෙනස් නොකර මොන විසඳුම් හා විකල්ප ඉදිරිපත් කලත් සාර්ථක වෙන්නේ නැහැ.
ඉස්සර හිටපු ආණ්ඩු වගේ නැතිව මේ අයට NPP ආණ්ඩුවෙන් නිසි දඩුවම් ලැබේවි.
තමන් කැමති ආගමක් ඇදහීමට වගේම, ආගමක් ඇදහීමෙන් වැලකී සිටීමටත් නිදහස තිබිය යුතුයි..