
(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල ගලේවෙල ප්‍රධාන මාර්ගයේ ඉබ්බන්කටුව ප්‍රදේශයේදී අද (27 )යතුරු පැදියක් දුරකථන කණුවක ගැටීමෙන් පැදිකරු බරපතල තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි දඹුල්ල පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ කුරුණෑගල පාන්ගොල්ල යුද හමුදා කඳවුරේ සේවය කරන යුද හමුදා කෝප්‍රල් වරයකු වන පී .ඩි. හර්ෂණ සිරිවර්ධන 37 හැවිරිදි අයෙකු බව පොලිසිය සඳහන් කළේය.
හමුදා කඳවුරේ සිට නිවාඩු ලබා ඔහු පදිංචි මීගස්වැව මැදිරිගිරිය ප්‍රදේශයට යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇතැයි පොලිසිය වැඩිදුරටත් පැවසීය.
හමුදා කඳවුර ආසන්නයේ අතරමංව සිටි කුඩා බලු පැටවෙකුට කූඩයක දමා යතුරු පැදියේ ඉදිරිපස තබාගෙන තවත් ගමන් මල්ලක් යතුරුපැදියේ පිටුපස ගැටගසාගෙන වේගයෙන් ගමන් කරමින් සිටියදී බලු පැටියා සමඟ ඉදිරිපස තබාගෙන ගිය ඇසුරුම සිරවීමත් සමඟින් පාලනයෙන් ගිලිහුණු යතුරු පැදිය අසල තිබුණු දුරකථන රැහැන් කණුවේ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය සිදුකරන ලද මූලික පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ.
.
2025 නොවැම්බර් මස 04
110
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2035
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අනතුරින් හමුදා කෝප්‍රල් මරුට