
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම නගරයේ දී සුඛෝපභෝගී ජීප් රථයක ගැටීමෙන් අනතුරට පත්ව තුවාල ලබා, සිහි විසඥව මහා මාර්ගයේ වැටී සිටි වඳුරෙකුට මූලික ප්‍රතිකාර ලබාදී ප්‍රකෘති තත්ත්වයට පත්කරලීමට වාද්දුවේ තරුණියක්, සිය නැගණිය සමග පියවර ගත්හ.
මාර්ගය හරහා ගමන් ගත් වඳුරන් දෙදෙනෙකු අවස්ථා දෙකකදී පානදුර දෙස සිට හොරණ දෙසට ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී ජීප් රථයක ගැටීමෙන් එක් වඳුරෙකු එම ස්ථානයේම මියගොස් අනෙකා තුවාල ලබා සිහි විසඥව මාර්ගයේ වැටී සිටියදී එම තරුණිය එලෙස ඉදිරිපත් වූවාය
බණ්ඩාරගම පානදුර මාර්ගයේ දී සිදු වූ මෙම අනතුර එම මාර්ගයේ ගමන් ගත් සිය ගණනකගේ නෙත ගැටුණ ද කිසිවකු මාර්ගයේ සිහි විසඥව වැටී සිටි වඳුරාව අවම වශයෙන් මාර්ගයෙන් ඉවත් කිරීමට හෝ කටයුතු කිරීමට ඉදිරිපත් නොවුහ.
එම අවස්ථාවේ දී ඒ ආසන්නයේ දෙමහල් ගොඩනැගිල්ලක උඩුමහලේ සිය සහෝදරයාගේ මංගල උත්සවය සඳහා රූපලාවන්‍ය කටයුත්තකට පැමිණ රූපලාවණ්‍යගාරයක රැඳී සිටි තරුණිය එහි වීදුරු අතරින් මේ බව දැක වහා සිය සහෝදරිය සමග එම ස්ථානයට දිව විත් දෑතින් වඳුරා ඔසවාගෙන ගොස් මාර්ගයෙන් ඉවත් කිරීම හේතුවෙන් තවත් වාහනයකට ගැටී මියයාමට තිබු අවස්ථාව ද මඟ හැරිණි. මිය ගිය අනෙක් වඳුරා ව තවත් පුද්ගලයකු විසින් මාර්ගයෙන් ඉවත් කිරීමට කටයුතු කෙරිණි
තුවාල ලබා සිටි වඳුරා පදික වේදිකාව මත තබා කෑගසමින් වතුර ඉල්ලා වඳුරාට පොවන අතරේ එක් අතෙකින් උගේ හිස පිරිමැදීමට තරුණිය කටයුතු කළ අතර මද වේලාවක දී සීහි විසඥව සිටි වඳුරා ව ප්‍රකෘති තත්ත්වයට ගැනීමට ඇය සමත් වූවාය . තරුණියගේ ක්ෂණික මැදිහත්වීමත් , වඳුරාට මූලික ප්‍රතිකාර ලබාදීමට හැකිවීමත් හේතුවෙන් වඳුරා තරමක සුවයක් ලැබීය
මද වේලාවකින් වඳුරා එම ස්ථානයේ තිබූ කැලෑ පෙදෙසට ඉතා අපහසුවෙන් බිමින් ගමන් කළේය. අනතුරකින් අතකට තුවාල ලබා වඳුරකු ඉතා අපහසුවෙන් සිටින බව බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ සභාපති දේවේන්ද්‍ර පෙරේරා මහතාට දැන ගැනීමට ලැබීමත් සමගම වහා ක්‍රියාත්මක වූ සභාපති වරයා වඳුරා ආරක්ෂිතව රැගෙන යාම සඳහා කූඩුවක් සහ වාහනයක් එම ස්ථානයට එවා වඳුරා වැඩිදුර ප්‍රතිකාර සඳහා පශු වෛද්‍යවරයකු වෙත යොමු කිරීමට පියවර ගත්තේය.
වඳුරන් දෙදෙනකු තප්පර කීපයක් තුළදී තුළ දී අවස්ථා දෙකකදී සිය ජීප් රථයේ ඉදිරිපස ගැටුණ ද එහි රියදුරා නොනවත්වා සිය රථය ධාවනය කළ අවස්ථාවේදී මිනිසත්කම පෙරදැරි කරගෙන වඳුරන් වෙනුවෙන් ඉදිරිපත්වූ මේ දිරිය, ගුණයහපත් දියණියට අප සමාජයේ ප්‍රණාමය හිමි විය යුතුය




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස් දියණියන් දෙදෙනෙක්...!
අර බයිලා කියවලා ලේ රත්වෙලා ඉන්න වෙලාවේ, මේ නිව්ස් එක කියපු ගමන් ඇහැට කඳුලක් ආව. මේ කළ පිනෙන් ඒ නැගණියට යහපතක්ම වේවා...!!!
ඔබ දෙදෙනාට බොහෝම පින්...
සොයුරිය ඔබ මිණි කැටයක්... !
අද කාලයේ දුර්ලභ පුවතක්... එම දරුවන්ගේ සියලු පැතුම් ඉටුවේවා ! තෙරුවන් සරණයි..!!!
තවමත් මානුෂීය හැඟීම් තියන අය සමාජයේ ඉන්නවා එහෙනම්. ඔබලාට තෙරුවන් සරණයි දරුවනේ....!
සතුන් ගැන කිසිම අවධානයක් නොදෙන සමාජයක ඔබ වැනිඅය දකින්න ලැබීම ඇත්තෙන්ම සතුටක්... ඔබට මගේ ප්‍රණාමය...!
තෙරුවන් සරණයි..!
මෙම දියණියන් දෙදෙනාගේ ක්‍රියාව ඇසුවාම මට කිසා ගෝතමිය සිදුහත් කුමරාට කියපු නිබ්බුත පද මතක් වුණා. මෙම දියණියන් දෙදෙනාගේ සකලාභිවෘද්ධීන් වර්ධනය සර්ව ප්‍රකාරයෙන් සාර්ථකව ඉෂ්ඨ සිද්ධවේවා..!
මේ දියණියන් දෙදෙනාගේ සද්ක්‍රියාවට දොහොත් මුදුන් දී නමස්කාර කළ යුතුයි. ඔබ දෙපළට බුදුසරණයි.
මෙම සද්කාර්යයට සහභාගි වූ ඔබ සියලු දෙනාට කිසිකලෙක අනතුරක් වෙන්න එපා... ඉතාමත්ම සංවේදී පුවතක්...
කාරුණික, යහපත් දෙමව්පියන්ගේ දරුවෝ එහෙමයි. ඔබ සියලු දෙනාටම දීර්ඝායුෂ පතමි...
අපේ රෝහල් වල හෙද සොයුරියෝ කොපමණ නම් අසරණ ජීවිතවලට පණ දෙනවාද? ඒවාත් මේ අයුරින්ම අගය විය යුතු නොවේද?
මනුස්සකම නොමැති කාලයක මනුස්සකම පෙන්වූ තවත් අවස්ථාවක්. මෙවන් යුවතියන් රටට වාසනාවක්. සත්ව කරුණාව හදපුරවා ගත් ඔවුන්ටත්, සතාව වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමු කළ මහතාටත් ස්තූති වේවා...!
දියණිය ඔබට යහපතක්ම වේවා...!
මිනිස්කම දිනෙන් දින පිරිහී යන මෙවන් සමාජ ක්‍රමයක් තුළ සැබෑ සත්ව කරුණාවෙන් සිදුකළ මෙම මාහැඟී ක්‍රියාව පරමාදර්ශී සද්ක්‍රියාවක් ලෙස ඇගයිය යුතුයි.
ආදර්ශමත් දියණියන් දෙදෙනෙක්... ඔයාලාට පින්... මේ දියණියන්ගේ දෙමව්පියන්ටත් පින්. මේ වගේ සත්කාරයන් තවදුරටත් කරන්න ඔයාලාට ධෛර්යය, ශක්තිය ලැබේවා..!
දියණිය, ඔබට හොඳ මිනිස්සුන්ගේ සහ දෙවියන්ගේ ආශීර්වාදය හැමදාම ලැබේවි. දියණිය ඔබ හොඳ යහපත් දෙමව්පියන්ට ඉපදුණු යහපත්, කාරුණික දියණියක්. අනුන්ට වදදී සතුටක් ලබන දරුවන්ගේ දෙමව්පියනි, ඔබලා ගැන සහ ඔබේ දරුවන් ගැන යම් තක්සේරුවක් ඔබලා විසින්ම කරගැනීමට හොඳ අවස්ථාවක්..