(නිමල කොඩිතුවක්කු)
ලබන 21 වනදා තෙක් අන්තර් පළාත් බස්රථ කිසිවක් ධාවනය නොවන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.
සෞඛ්‍ය බලධාරීන් ගේ උපදෙස් මත මෙම පියවර ගැනීමට කටයුතු කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේය.
ඔක්තෝම්බර් මස පළවෙනිදා සිට ධාවනය වූ පරිදි පළාත් තුළ බස්රථ සාමාන්‍ය පරිදි ධාවනයට පියවර ගන්නා බවත් ඔහු පැවසීය.
සෞඛ්‍ය උපදෙස් මත තාවකාලිකව ධාවනය අත්හිටුවා ඇති සියලුම දුම්රිය සේවා ලබන 15 වනදා සිට ධාවනයට එක් කරන බවත් දුම්රිය සාමාන්‍යධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බස් නතර කරලා සංචාරකයින් ගේන්න හදනවා. ඉතින් කොහොමද රට ගාඩගන්නේ..?