නිමන්ති රණසිංහ
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු මහිල් බණ්ඩාර දෙහිදෙණිය ඇප මත මුදා හැරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා සිල්වා මහත්මිය අද (18) නියෝග කළාය.
ඔහු රුපියල් 150,000 ක ශරීර ඇපයක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරිය නියම කළාය.
ඉකුත් 13 වැනි දා පාර්ලිමේන්තු වටරවුම අසල පැවැති උද්ඝෝෂණයකදී අන්තරේ කැඳවුම්කරු අත්අඩංගුවට ගැණිනි.
මෙම නඩුව මැයි මස 16 වැනි දා දක්වා කල් තැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උගත්, බුද්ධිමත්, අහිංසක මේ දරුවාගේ විශ්වවිද්‍යාල තුල මෙතෙක් පැවති විභාග වල ප්‍රතිපල බදු මුදල් නිසි කලට රජයට ගෙවන පුරවැසියන් වන අප දැනගැනීමට කැමැත්තෙමු. කරුණාකර අදාළ විශ්වවිද්‍යාල බලධාරින් මෙම තිරුවේම මේ අහිංසක දරුවාගේ සියලුම ප්‍රතිපල සදහන් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටින්නෙමු. එසේ ඔබලා විසින් ප්‍රතිපල පල නොකරන්නේනම් අප තරයේ විස්වාස කරනවා මේ අහිංසකයා රතු හැට්ටකරයන්ගේ පබයෙක් නොහොත් කුඩුකාරයෙක් නොහොත් රස්තියාදුකාරයෙක් ලෙස.
පරණ අන්තරේ - කැඳවුම්කරු දැන් ලොක්කෙක්. මේ අය අනිත් දරුවෝ විරෝධතා පෙළපාලි එක්ක ගිහින්... ඒ අයගේ අධ්‍යාපනය කාබාසිනියා කරලා දේශපාලන වේදිකාවලට නැගලා අන්තිමට රස්තියාදුකාරයෝ වෙනවා.